Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පාසල් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ I කොටසේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කැලණිය ගුරුකුල විදුහල සමත් විය.
කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී මීගමුව මාරිස්ටෙලා විදුහලට එරෙහිව කඩුලු 3 ක ජයක් අත්කර ගනිමින් ගුරුකුල විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.
ජයග්‍රහණය සඳහා ලකුණු 199 ක ඉලක්කයක් පසුකර ගිය ගුරුකුල විදුහල පන්දු 16 ක් ඉතිරිව තිබියදී කඩුලු 7 ක් දැවී එය ඉලක්කය පසුකර ගිය අතර එහිදී නොදැවී ලකුණු 44 ක් රැස්කළ මලිඳු විදුරංග ගුරුකුල විදුහල ජයග්‍රහණය කරා ගෙන ගියේය.
මාරිස්ටෙලා විදුහල - ඕවර 44.3 කදී සියලු දෙනා දැවී 198
(රවිඳු ප්‍රනාන්දු 41, ලසිත් කෲස්පුල්ලේ 35, අෂාන් ප්‍රනාන්දු 33, යුෂාන් මලිත් 32/3, ලසිඳු අරෝෂ 27/2)
ගුරුකුල විදුහල - ඕවර 47.2 කදී කඩුලු 7 ක් දැවී 202
(මලිඳු විදුරංග නොදැවී 44, ලසිත් කෲස්පුල්ලේ 31/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.