Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගුරුකුල - ශ්‍රී ධර්මාලෝක ‘කැලණි හටන’ 9 - 10

ගුරුකුල - ශ්‍රී ධර්මාලෝක ‘කැලණි හටන’ 9 - 10

දිලිනි මල්රුක්ෂි - 2015 මාර් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කැලණිය ගුරුකුල විදුහල සහ ශ්‍රී ධර්මාලෝක විදුහල අතර 27 වැනි ‘කැලණි හටන’ වාර්ෂික මහ ක‍්‍රිකට් හෙට සහ අනිද්දා (9 සහ 10) කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

1988 වසරේ සිට මේ දක්වා පැවැති මහ ක‍්‍රිකට් තරග 26 යේදී ගුරුකුල විදුහල තරග දෙකක් ජය ලබා ඇති අතර ඉතිරි තරග විසදුමකින් තොරව අවසන් වී තිබේ. ගුරුකුල විදුහල 2012 සහ 2014 යන වසරවලදී ජයග‍්‍රහණ ලැබීය.

ගුරුකුල විදුහල මෙම තරග වාරයේ තරග 15 කට සහභාගි වී මීගමුව මාරිස්ටෙලා, මොරටු මහ විදුහල සහ රාජගිරිය ජනාධිපති යන විදුහල්වලට එරෙහිව පූර්ණ ජයග‍්‍රහණ ලැබූ අතර මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහලට එරෙහිව පරාජය විය.

ශ්‍රී ලංකා වයස 19 න් පහළ සංචිතය නියෝජනය කළ තුන් ඉරියව් ක‍්‍රීඩක ජයමාල් වන්නිආරච්චි මෙවර ගුරුකුල විදුහලේ ප‍්‍රබලතම ක‍්‍රීඩකයා ලෙස හැදින්විය හැකිය. ජයමාල් මෙම තරග වාරයේදී ලකුණු 500 ඉක්මවා රැුස්කරමින් කඩුලූ 50 ක් ද දවාගෙන තිබේ.

තුන් ඉරියව් ක‍්‍රීඩක තරිදු තාරක ලකුණු 800 රැස්කරමින් කඩුලූ 43 ක් දවා ගනිමින් මෙම තරග වාරයේ ගුරුකුල විදුහලේ දක්‍ෂතම ක‍්‍රීඩකයා බවට පත්ව සිටියි. කඩුලූ රකින ක‍්‍රීඩක නායක ලිසුල ලක්‍ෂාන් (600), ජනිත් ප‍්‍රමෝද් (600) සහ ළහිරු චාමර (500) ගුරුකුල පිතිකරු ලැයිස්තුවේ සෙසු ප‍්‍රබල පිතිකරුවෝ වෙති.

දකුණතින් පා දඟ පන්දු යවන ජනිත් ප‍්‍රමෝද් සහ වමතින් පා දඟ පන්දු යවන්නන් වන දමිත් හසිත සහ ළහිරු චාමර, ධර්මාලෝක පිතිකරුවන් පාලනය කිරීමට සූදානමින් සිටිති.   

ශ්‍රී ධර්මාලෝක විදුහල මෙම තරග වාරයේ තරග 15 කට සහභාගි වී කොළඹ අශෝක සහ ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල යන කණ්ඩායම්වලට එරෙහිව පූර්ණ ජයග‍්‍රහණ ලැබූ අතර දෙහිවල එස්. ද එස්. ජයසිංහ විදුහල හමුවේ පරාජය විය.

ශ්‍රී ලංකා වයස 19 න් පහළ සංචිතය නියෝජනය කළ දකුණත් පිතිකරු රිසිත් උපමාල් මෙවර ධර්මාලෝක විදුහලේ ප‍්‍රබලතම ක‍්‍රීඩකයා ලෙස හැදින්විය හැකිය. කඩුලූ රකින ක‍්‍රීඩක උපමාල් මෙම තරග වාරයේදී ද්විත්ව ශතකයක් සහ ශතක දෙකක් සමගින් ලකුණු 1000 ඉක්මවා රැස්කිරීමට සමත්ව සිටියි.

නායක නිමේෂ් අරවින්ද (456), රවිදු තිවංක (332), සමිත රංග (327) සහ චමෝද් මෙන්ඩිස් (260) සෙසු ප‍්‍රබල පිතිකරුවන් ලෙස හැදින්විය හැකිය.

වමතින් පන්දු යවන රවිදු තිවංක කඩුලූ 62 ක් දවා ගනිමින් මෙම තරග වාරයේ ධර්මාලෝක විදුහලේ වැඩිම කඩුලූ ලාභියා බවට පත්ව සිටියි. උප නායක තරිදු මධුසංඛ (27) සහ සමිත රංග (26) සෙසු ප‍්‍රබල පන්දු යවන්නෝ වෙති.  

දෙවිදුහල් අතර වාර්ෂික සීමිත  ඕවර ක‍්‍රිකට් තරගය මේ මස 15 වැනිදා කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ධර්මාලෝක විදුහල් කණ්ඩායම:


නිමේෂ් අරවින්ද (නායක), තරිදු මධුසංඛ (උප නායක), කුසල් අෂේන්, රවි`දු තිවංක, රිසිත් උපමාල්, කවිෂ්ක දිල්හාර, සමිත රංග, ළහිරු රාජපක්‍ෂ, මධුමාධව අනුරුද්ධ, නිෂාන් හසරල් අම්පිටියගේ, චමෝද් නදිරංග මෙන්ඩිස්, යුගීෂ දිෂාන්, මාධව කවි`දු, හිමාලක ඉදුරංග, කවිෂ්ක බිම්සර, ඉරුෂ රාමනායක සහ රවිදු ලක්‍ෂාන්

කණ්ඩායම් භාර ආචාර්ය: ආර්. පී. කේ. රනිකොත් මහතා, පුහුණුකරු: ඩබ්ලිව්. ජී. එච්. දුෂාන්ත මහතා

ගුරුකුල විදුහල් කණ්ඩායම:


ලිසුල ලක්‍ෂාන් (නායක), ජයමාල් වන්නිආරච්චි (උප නායක), තරිදු තාරක, ජනිත් ප‍්‍රමෝද්, ළහිරු චාමර, දමිත හසිත්, නුවන් චානක, පෘතුවි රසාර, මලින්ද විදුරංග, රකිත් නිමේෂ්, ලසි`දු අරෝෂ, දුමි`දු තේමිය, පැතුම් මහේෂ්, දුමින්ද සුදාරක, විජිත ගොහගොඩ, උදාර රවි`දු, යොහාන් නිමේස්, සචින්ත චමිත් සහ සාගර ධනුෂ්ක

කණ්ඩායම් භාර ආචාර්ය: එස්. එම්. එන්. ලාල් සේනාරත්න මහතා සහ පුහුණුකරු: රසිත දිනේෂ් මහතා


අදහස් (0)

ගුරුකුල - ශ්‍රී ධර්මාලෝක ‘කැලණි හටන’ 9 - 10

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.