Last Update  :  2025-09-04 14:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගාල්ල විද්‍යාලෝකයට ඉනිමක ජයක්

ගාල්ල විද්‍යාලෝකයට ඉනිමක ජයක්

Nisanka Sandeepani - 2017 නොවැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ තරගයකදී මතුගම ශාන්ත මේරී විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 33 ක ජයක් ලබාගැනීමට ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය අද (07 වැනිදා) සමත්විය. මෙම තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ නදීර ඉශාන් ලකුණු 02 කට කඩුලු 5 ක් දවාගනිමින් ශා. මේරී විද්‍යාලීය පළමු ඉනිම අඩපණ කිරීමට සමත්වූ අතර අර්ධ ශතකයක් (59) ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ පැතුම් හසරංග ලකුණු 33 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන්ද දස්කම් දැක්වීය.

විද්‍යාලෝක විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 56.3 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 198
(පැතුම් හසරංග 59, පසිඳු සෞම්‍යය 42)

ශා. මේරී විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 21.1 කදී සියලුදෙනා දැවී ලකුණු 53
(නදීර ඉශාන් 02/5, සංජු ලක්ෂාන් 11/2)

ශා. මේරී විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 52 කදී සියලුදෙනා දැවී ලකුණු 112
(තාරින්ද වෙල්ගම 32, එස්.කේ.ප්‍රනාන්දු 31, පැතුම් හසරංග 33/4, අනුරාධ සම්පත් 17/2)

 


අදහස් (0)

ගාල්ල විද්‍යාලෝකයට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.