Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගල්කිස්ස තෝමසුවන්ට ඉනිමක ජයක්

ගල්කිස්ස තෝමසුවන්ට ඉනිමක ජයක්

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කොළඹ ලුම්බිණි විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 2 ක ජයක් හිමිකර ගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය ඊයේ (13 වැනිදා) සමත්විය. මෙම තරගය ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මන්තිල විජේරත්න (නොදැවී 105) ශතකයක් සහ දුලීප් ගුණරත්න (87) අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර ශැනන් ප්‍රනාන්දු කඩුලු 8 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


ලුම්බිණි විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 67.3 කදී සියලුදෙනා දැවී ලකුණු 179
(කෙවින් කෙමිත 43, ලක්නිඳු උපේන්ද්‍ර 38, දිල්ශාන් ප්‍රනාන්දු 22, ප්‍රභාත් මදුසංක 20, විමුක්ති කුළතුංග 20, ශැනන් ප්‍රනාන්දු 33/6, තෙවින් ඊරියගම 30/2)

සා. තෝමස් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 59 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 280
(මන්තිල විජේරත්න නොදැවී 105, දුලීප් ගුණරත්න 87, මනීෂ රූපසිංහ 29, තෙවින් ඊරියගොල්ල 24, පසිඳු නදුන් 44/3)

ලුම්බිණි විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 32 කදී සියලුදෙනා දැවී ලකුණු 99
(සඳුනිල් සංකල්ප 24, දුශාන් ප්‍රනාන්දු 20, පවිත් රත්නායක 23/4, තෙවින් ඊරියගොල්ල 09/2, ශැනන් ප්‍රනාන්දු 40/2)

 


අදහස් (0)

ගල්කිස්ස තෝමසුවන්ට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.