Last Update  :  2025-09-08 13:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගලහිටියාව මැදි විදුහලට පළමු ඉනිමේ ජයක්

ගලහිටියාව මැදි විදුහලට පළමු ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2016 ඔක් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරගයකදී මිනුවන්ගොඩ නාලන්දා විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය ඊයේ (27 වැනිදා) සමත්විය. මෙම තරගය දිව්ලපිටිය මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් කළන ජයදීප ශතකයක් (108) ලබාගනිමින් පිත්තෙන් සහ චාමර පෙරේරා ලකුණු 54 කට කඩුලු 6 දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


ගලහිටියාව  ම. ම. විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 81 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 356
(කළන ජයදීප 108, ඩී. ශාරංග 51)

නාලන්දා විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 76.5 කදී සියලුදෙනා දැවී ලකුණු 269
(දසුන් අචිර 57, ජීවන්ත කෝසල 51, සී. දිල්හාර 37, චාමර පෙරේරා 54/6)

ගලහිටියාව  ම. ම. විද්‍යාලය - දෙවන ඉනිම - ඕවර 35 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 136
(නවීන් සමරකෝන් 54, කවිඳු මදුරංග 27/2)

 


අදහස් (0)

ගලහිටියාව මැදි විදුහලට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.