Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගයන්තිකාට අවසන් තරගය නූලෙන් මඟ හැරෙයි
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල

ගයන්තිකාට අවසන් තරගය නූලෙන් මඟ හැරෙයි

editorial - 2022 අගෝ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 1500 කාන්තා ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ ගයන්තිකා අබේරන්ත එහිදී විනාඩි 4:16.97 ක කාලයක් වාර්තා කළද, ඇයට එම ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි වූවාය.

මූලික වටයේ දෙවැනි තරගයට සහභාගි වූ ගයන්තිකා එහි 7 වැනි ස්ථානයට පත්වූවාය. මූලික වටය අවසානයේ ක්‍රීඩිකාවන් 15 දෙනකු අතරින් ඇයට 13 වැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවූවාය. අවසන් තරගය සඳහා තෝරාගනු ලැබුවේ ක්‍රීඩිකාවන් 12 දෙනෙකු පමණි.

මින් පෙර මෙම තරගාවලියේ මීටර් 800 ඉසව්ව සඳහාද සහභාගි වූ ගයන්තිකා විනාඩි 2:01.20 ක කාලයක් වාර්තා කරමින් ක්‍රීඩිකාවන් 18 දෙනකු අතරින් 13 වැනි ස්ථානයට පත් වූවාය. එහිදීද ඇයට අවසන් තරගයට සුදුසුකම් ලැබීමට නොහැකි වූවාය.  

 


අදහස් (0)

ගයන්තිකාට අවසන් තරගය නූලෙන් මඟ හැරෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.