Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක‍්‍රීඩා සංගම් නිලවරණය 31 දාට පෙර

ක‍්‍රීඩා සංගම් නිලවරණය 31 දාට පෙර

සංජය එරමුදුගොඩ - 2015 මාර් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක‍්‍රීඩා සංගම් නිලවරණය පැවැත්වීමේ නෛතික පසුබිම පිළිබඳව කී‍්‍රඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගත් බවත් එම උපදේශයන්ට අනුව වසර දෙක සම්පූර්ණ කළ සියලූම කී‍්‍රඩා සංගම් මේ මස 31 වැනිදා වන විට නිලවරණ පැවැත්විය යුතු බවත් සංචාරක හා ක‍්‍රීඩා අමාත්‍යාංශය ඊයේ (10 වැනිදා) නිවේදනය කළේය.

එමෙන්ම සභාපති ලේකම් ඇතුළු තනතුරු රැසක් සදහා කී‍්‍රඩා සංගම්වල නිලධාරීන් නැවත තරග කරන්නේනම් ඔවුන් අදාල කීූ‍්‍රඩා සමාජ වල කටයුතු කළ කාලය අවුරුදු 04 නොයික්මවිය යුතු බවට නීතිපතිවරයාගෙන් උපදෙසු ලැබුණු බවද එම නිවේදනයේ දැක්වෙයි.

කී‍්‍රඩා අමාත්‍යාංශ නිවේදනය.

1973 අංක 25 දරණ ක‍්‍රීඩා සංගම් පනතට අදාළව 2013 ජනවාරි 15 අංක 1793 / 3 අතිවිශේෂ ගැසට් පත‍්‍රය ප‍්‍රකාරව 2015 මාර්තු 31 දින වන විට වසර 02 ක් සම්පූර්ණ කළ සියලූම සංගම් නිලවරණ පැවැත්විය යුතුය.

සංචාරක හා ක‍්‍රීඩා අමාත්‍යංශය හා කී‍්‍රඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ජාතික ක‍්‍රීඩා සංගමම් නිලවරණ පැවැත්වීමට කටයුතු යොදා තිබියදී කී‍්‍රඩා සංගම්වල නිලධාරීන් , කී‍්‍රඩයන් ඇමැතිතුමා වෙත නොයෙක් විරෝධතා හා පැමිණිලි ඉදිරිපත් කර ඇත.

එම විරෝධතා පිළිබද සලකා බැලූ සිය නීති නිලධාරීන් සහ සංචාරක හා කී‍්‍රඩා අමාත්‍යාංශ ලේකම්තුමා ඇතුළු අමාත්‍යාංශ බලධාරීන් සමග සාකච්ඡ කර ජාතික කී‍්‍රඩා සංගම් සඳහා නව නිලධාරීන් පත්වීමේදී අදාල තනතුරු සදහා සපුරා තිබිය යුතු නෛතික පසුබිම් කවරේද යන්න විමසා බැලීමට නීතිපති තුමාගේ උපදෙස් විමසීය.   


එම පැහැදිලි කිරීමට අනුව අති විශේෂ ගැසට් පත‍්‍රයෙහි 13/1 සහ 13/2 හි පහත සදහන්  තනතුරු සඳහා ජාතික සංගමය හෝ සම්මේලනයක සභාපති, ලේකම්, භාණ්ඩාගාරික, උප සභාපති, සහකාර ලේකම්, සහකාර භාණ්ඩාගාරික, ධූර දරා ඇති තැනැත්තෙකු එම තනතුරු සදහා නැවත පත්වන්නේ නම් යම් තැනැත්තකුගේ සම්පූර්ණ සේවා කාල එකතුව අවුරුදු 04 නොයික්මවිය යුතු බව හා අංක 1793 / 3 දරන කී‍්‍රඩා නියෝග මාලාව පැනවීමට පෙර හෝ පසුව සමසුත සේවා කාලය අවුරුදු 04 නොයික්මවිය යුතුය. එසේ ඉක්මවා ඇති කිසිම තැනැත්තෙකුට නැවත එම තනතුර සදහා තේරී පත්විය නොහාකි බව සදහන් වේ.  

 


අදහස් (0)

ක‍්‍රීඩා සංගම් නිලවරණය 31 දාට පෙර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.