ජාතික ක්‍රීඩා සංගම්වහි තනතුරු කාලසීමාව වසර හරතකට සීමා කරමින් ක්‍රීඩා පනතේ සඳහන් රෙගුලාසිය සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.
වසර හතරක් තනතුරු දැරූ නිලධාරියකුට තවත් වසර කීපයක් ලබාදීය යුතු බව ක්‍රීඩා අමාත්‍යවරයා අවධාරණය කරයි.
‘‘ලේකම් වශයෙන් අවුරුදු හතරක් හිටියනම්, උප සභාපති වශයෙන් අවුරුදු හතරත් හිටියනම් ඉහළ තනතුර වන සභාපති වශයෙන් තරග කරන්න අවස්ථාව ලබා දිය යුතුයි කියලා මතයක් තිබෙනවා, මම ඉන්නෙත් ඒ මතයෙ. තවත් රෙගුලාසිවල අඩු පාඩු තිබෙනවා. ඒ රෙගුලාසි සම්පූර්ණ සංශෝධන කරන්න අපිට තව මාස හතරක් විතර යයි’’
‘‘සියලූම ක්‍රීඩා සමාජවලට නව ගැසට් පත්‍රය අනුව මැයි මස 15 වැනිදා වන විට නව නිලධාරීන් පත්කළ යුතුයි. හතරකට පමණයි අතුරු කමිටු හෝ කාලය දික් කරලා තිබෙන්නේ. පාපන්දු වගේ තුනකට නඩු තිබෙන නිසයි’’
‘‘මේ පිළිබ`දව සළකා බැලීමට පත්කළ කමිටුව තුන් පාරක් හමුවෙලා තියෙනවා. එහි රෙගුලාසි 13(2) පැහැදිළිව කියනවා අවුරුදු හතරකට පමණයි කියලා. එයට 13(3) කියලා සංශෝධනයක් ඉදිරිපත් කරන්න පුඵවන්. දළ වශෙයෙන් අපේ සිතුවිල්ල තමයි අවුරුදු හතරක් එම සංගමයේ යම්කිසි නිලයක් දැරූ පුද්ගලයකුට තව අවුරුදු දෙකක් හෝ තුනක් ලබා දියයුතුයි කියලා’’
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.