Last Update  :  2025-12-26 22:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක‍්‍රිකට් සාමාජිකත්වය යළි හමුවෙති

ක‍්‍රිකට් සාමාජිකත්වය යළි හමුවෙති

දිලිනි මල්රුක්ෂි - 2015 මැයි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පරිපාලනයට අතුරු කමිටුවක් පත්කිරීමත් සමඟ උද්ගතවී ඇති නවතම තත්ත්වය පිළිබදව ක‍්‍රිකට් ආයතනයේ සාමාජික ක‍්‍රීඩා සමාජ දැනුවත් කිරීමේ දෙවැනි රැස්වීම අද (19) පස්වරු 4.00 ට සිංහල ක‍්‍රීඩා සමාජයේදී (එස්.එස්.සී.) පැවැත්වේ.

මෙම ප‍්‍රශ්නය පිළිබදව ක‍්‍රීඩා සමාජ දැනුවත් කිරීමේ හමුවක් පසුගිය 25 වැනිදා පැවැති අතර ඉන් පසුව ක‍්‍රිකට් ආයතනයේ හිටපු නිලධාරීහූ ක‍්‍රීඩා අමාත්‍යවරයා සමඟ ද සාකච්ඡවක් පැවැත්වූහ. එම සාකාච්ඡවේ විස්තර සහ ඉදිරි කටයුතු පිළිබදව දැනුවත් කිරීම මෙම හමුවේ ප‍්‍රධාන අරමුණ බවට පත්ව තිබේ.

ක‍්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයකු වන උපාලි ධර්මදාස මහතාගේ අත්සනින් යුත් නිවේදනයේ සදහන් වන්නේ මේ රැුස්වීමට ක‍්‍රිකට් ආයතනයේ හිටපු උප සභාපතිවරුන් වන මොහාන් ද සිල්වා සහ අසංග සෙනෙවිරත්න යන මහත්වරුද, ලේකම් නිශාන්ත රණතුංග, උප ලේකම් හිරන්ත පෙරේරා සහ උප භාණ්ඩාගාරික අජිත පැස්කුවෙල් යන මහත්වරු සහභාගි වන බව බවයි.  


අදහස් (0)

ක‍්‍රිකට් සාමාජිකත්වය යළි හමුවෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.