සිය අමාත්‍යාංශයේ පවතින මාෆියාවන් නැති කිරීමට කටයුතු කරන බවත් ක‍්‍රිකට් ආයතනයේ මාෆියාව කඩා දමමින් සිදත් වෙත්තමුණි මහතාගේ ප‍්‍රධානත්වයෙන් හොද අතුරුපාලක කමිටුවක් පත් කළ බව කී‍්‍රඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.
පින්නවල සත්වෝද්‍යානය විවෘත කිරිමට එක් වෙමින් එ් මහතා පැවසිය.
ර්‍ණමගේ අමාත්‍යාංශයේ තිබෙන මාෆියාව කඩන්න මම විශාල උත්සාහයක් අරන් තියෙනවා. කී‍්‍රඩා අමාත්‍යාංශයේ මාෆියාව, ක‍්‍රිකට් අංශයේ මාෆියාව, සංචාරක ක්ෂේත‍්‍රයේ මාෆියාව කඩන්න යනකොට ප‍්‍රශ්න ඇතිවෙනවා.
විශාල මුදල් එක්කයි අපි ගනුදෙනු කරන්නේ. කි‍්‍රකට් ආයතනයේ මාෆියාව කඩලා සිදත් වෙත්තමුණි මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඉතාමත් හොද අන්තර් පාලන කමිටුවක් පත් කරලා තියෙනවා. මේක මේ රටේ ස්වෛරී අයිතිය.” යැයි හෙතෙම සදහන් කළේය.
එසේම කී‍්‍රඩා නීතිය රටට හදුන්වා දුන්නේ හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිිය බවත් එම බලතල භාවිත කිරීමට කී‍්‍රඩා ඇමැතිවරයෙකුට හැකියාවක් තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
"මේ කී‍්‍රඩා නීතිය ගෙනාවෙ කවුද? කී‍්‍රඩා නීතිය ගෙනාවෙ බණ්ඩාරනායක මැතිණිය. 1973 වසරේ එතුමියගේ නායකත්වයෙන් ගෙනාපු කී‍්‍රඩා නීතිිය යටතේ ඕනෑම කී‍්‍රඩා අමැතිවරයෙකුට එ් බලතල පාවිච්චි කරන්න පුළුවන්.” යැයි හෙතෙම සදහන් කළේය.
තමන් කී‍්‍රඩාව සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නේ ජනපති අගමැති හා කැබිනට් මණ්ඩලයේ උපදෙස් අනුව බවත් කි‍්‍රකට් පාලක මණ්ඩලයට පැමිණ සොරකම් කිරීමට තමන් ඉඩ නොදෙන බවත් සදහන් කළේය.
ර්‍ණ මම පැහැදිලිවම කියනවා අපේ ජනපතිතුමා, අගමැතිතුමා, හා කැබිනට් මණ්ඩලයේ උපදෙස් අරගෙන තමයි ක‍්‍රීඩාව සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක වෙන්නේ. අපට ඕන අපේ කි‍්‍රකට් කී‍්‍රඩාව නංවන්න. හොරුන්ටයි දූෂීතයින්ටයි මේ කි‍්‍රකට් පාලක මණ්ඩලයට ඇවිත් හොරකම් කරන්න මේ නවීන් දිසානායක ඉඩදෙන්නේ නෑ කියල පැහැදිලිවම කියනවා.” යැයි කී‍්‍රඩා අමාත්‍යවරයා පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.