Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති කපිල

ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති කපිල

සංජය එරමුදුගොඩ - 2015 අප්‍රේ මස 08 {{hitsCtrl.values.hits}} Views 4 Comment
A A A

ශ්‍රී ලංකා නව ක‍්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩක කපිල විජේගුණවර්ධන මහතා පත්කර තිබේ. ඒ මහතා ක‍්‍රිකට් අතුරු කමිටුවේ ද උප සභාපතිවරයකු ලෙස කටයුතු කරයි.

නව තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස බ්‍රෙන්ඩන් කුරුප්පු, අමල් සිල්වා සහ හේමන්ත වික‍්‍රමරත්න යන මහත්වරු පත්කර තිබේ.

ක‍්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා අද (08) වැනිදා සිට ක‍්‍රියාත්මක වන පරිදි මෙම කමිටුව පත්කර තිබේ.

මෙම සියලූම තේරීම් කමිටු සාමාජිකයෝ මීට පෙර තේරීම් කමිටුවල කටයුතු කළ පළපුරුදු නිලධාරීහු වෙති.

කපිල විජේගුණවර්ධන මහතා ටෙස්ට් තරග 2 කදී සහ එක්දින තරග 26 කදී ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ. දකුණතින් වේග පන්දු යවන්නකු වන විජේගුණවර්ධන ටෙස්ට් කඩුලූ 7 ක් සහ එක්දින කඩුලූ 25 ක් දවා ගෙන තිබේ.  

සනත් ජයසූරියගේ සභාපතිත්වයෙන් යුත් හිටපු තේරීම් කමිටුව ඉල්ලා අස්වීමෙන් පසුව තේරීම් කමිටුව පුරප්පාඩු වී තිබුණි.

 


අදහස් (4)

ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති කපිල

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.