Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කෝලිට කාශ්මීරයෙන් ආරාධනා

කෝලිට කාශ්මීරයෙන් ආරාධනා

editorial - 2022 මැයි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කාශ්මීරයේ ඇති වැදගත්කම සහ ක්‍රීඩකයන්ගේ දක්ෂතාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගාවලියක් වන කාශ්මීර් ප්‍රිමියර් ලීග් (කේ.පී.එල්) තරගාවලියට සහභාගිවීම සඳහා හිටපු ඉන්දීය නායක විරාට් කෝලිට ආරාධනා කිරීමට සංවිධායකයන් තීරණය කර ඇත.

තරගාවලිය අගෝස්තු 1 වැනිදා ආරම්භ වීමට නියමිත අතර එහි අවසන් තරගය පාකිස්තානයේ 75 වැනි නිදහස් දිනය වන අගෝස්තු 14 වැනිදා පැවැත්වේ.

ලීගයේ කොටස්කරුවෙකු වීම සඳහා විරාට් කෝලිට විධිමත් ආරාධනයක් කරන බව කේ.පී.එල්. සභාපති අරිෆ් මලික් මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ.

“කෙසේ වෙතත්, ක්‍රීඩකයෙකු හෝ විශේෂ ආරාධිතයෙකු ලෙස කේ.පී.එල්. තරගාවලිය සමගින් සම්බන්ධ වීමේ තීරණය තනිකරම ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයා මත රඳා පවතිනවා”

”කේ.පී.එල්. තරගාවලිය ලෝකයට සාමයේ පණිවිඩයක් යවනවා. අපට අවශ්‍ය වන්නේ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් ලීගයේ කොටස්කරුවන් වීමටයි. ක්‍රිකට් හරහා දෙපාර්ශවයේම ආතතිය අඩු කර ගැනීමට අවශ්‍යයි” යයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වුණි.

“මෙම ලීගයේ ප්‍රධාන අරමුණ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සහ මෙම කලාපයේ ක්‍රීඩකයින්ට පහසුකම් සැලසීමයි” යයි සභාපතිවරයා පැවසීය.

කේ.පී.එල් තරඟාවලිය සඳහා මේ වනවිට සංවිධායකයන් සූදානම් වෙමින් පවතින අතර පළමු තරගාවලිය මෙන්ම දෙවන තරඟාවලියද මුසාෆරාබාද් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.


- 2079


අදහස් (0)

කෝලිට කාශ්මීරයෙන් ආරාධනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.