Last Update  :  2024-04-26 18:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කෝලිට - ගම්භීර්ට - නවීන්ට දඩ

කෝලිට - ගම්භීර්ට - නවීන්ට දඩ

editorial - 2023 මැයි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 43 වැනි තරගය ලෙස රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම අතර ඊයේ (1 වැනිදා) ලක්නව්හිදී පැවැති තරගය නිමාවට පත්වීමෙන් අනතුරුව තරගාවලියේ චර්යා ධර්ම පද්ධතිය උල්ලංඝණය කිරීම හේතුවෙන් බැංගලෝර් කණ්ඩායමේ හිටපු නායක විරාට් කෝලිට සහ ලක්නව් කණ්ඩායමේ පුහුණු උපදේශක ගෞතම් ගම්භීර්ට තරග මුදලින් 100% දඩ මුදලක් නියම කිරීමට තරග තීරකවරයා පියවර ගත්තේය.

තරගය නිමා වීමෙන් අනතුරුව පිටියෙන් ඉවත්ව යෑමේදී කෝලි සහ ලක්නව් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නවීන් උල්හක් අතර යම් බහින්බස් වීමක් ඇති වූ අතර පසුව ගම්භීර්ද එයට මැදිහත් වීමෙන් බහින්බස් වීම දුර දිග ගියේය. කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයන්ගේ සහ නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් පසුව එම බහින්බස් වීම සමතයකට පත්වුවද, එය වැඩි දෙනෙකුගේ කතාබහට ලක් වූ සිදුවීමක් බවට පත් විය.

පසුව කරන ලද විමර්ශනයකදී කෝලි සහ ගම්භීර් එම අවස්ථාවේදී අයි.පී.එල්. තරගාවලියට අයත් චර්යා ධර්ම පද්ධතියේ 2.21 වගන්තිය උල්ලංඝණය කර ඇති බවට හෙළිවිය. එබැවින් ඔවුන්ට එම තරගයේදී ලැබුණ මුලු තරග ගාස්තුවම දඩ මුදලක් ලෙස ගෙවීමටත්, නවීන්ට තරග ගාස්තුවෙන් හරි අඩක් (50%) දඩ මුදලක් ලෙස ගෙවීමටත් තරග තීරකවරයා නියම කළේය.

නවීන් උල්හක් ...

-036


අදහස් (0)

කෝලිට - ගම්භීර්ට - නවීන්ට දඩ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.