අන්තර් සමාජ පළමු කොටසේ සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට කෝල්ට්ස් ක‍්‍රිකට් සමාජය සුදුසුකම් ලැබීය. කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාගංණයේ අද (18) පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී කෝල්ට්ස් පිල විසින් ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ලකුණු 65 කින් රාගම ක‍්‍රිකට් සමාජය පරාජය කරන ලදි.
වර්ෂාව හේතුවෙන් තරගය අත්හිටුවන විට කෝල්ට්ස් පිතිකරුවෝ ඕවර 21.1 කදී කඩුලූ 2 ක් පමණක් දැවී ලකුණු 126 ක් ලබා සිටියහ. ආරම්භක පිතිකරුවකු වන කුසල් පෙරේරා පන්දු 62 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 62 ක් රැස්කරමින් කෝල්ට්ස් ජයග‍්‍රහණය පහසු කළේය.
භානුක රාජපක්‍ෂ පන්දු 52 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 43 ක් රැුස්කිරීමට සමත් විය. කුසල් සහ භානුක දෙවැනි කඩුල්ලට පන්දු 90 කදී ලකුණු 91 ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් වූහ.
එස්. එස්. සී. පිල සහ මුවර්ස් පිල අතර දෙවැනි අවසන් පූර්ව තරගය අද (19) කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩංගණයේදී පැවැත්වේ.
අවසන් මහ තරගය මේ මස 21 වැනිදා කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
රාගම ක‍්‍රිකට් සමාජය ඕවර 50 යේදී කඩුලූ 9 ට 189
(උදාර ජයසුන්දර 19, ජේසන් පෙරේරා 18, ළහිරු මිලන්ත 14, නිලූෂාන් නෝනිස් 32, සමීර සොයිසා 37, චානක විජේසිංහ 24, අලංකාර අසංක නොදැවී 22)
කෝල්ට්ස් ක‍්‍රිකට් සමාජය ඕවර 21.1 කදී කඩුලූ 2 ට 126
(කුසල් පෙරේරා නොදැවී 62, ෂෙහාන් ජයසූරිය 14, භානුක රාජපක්‍ෂ නොදැවී 43)
-048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.