බොරැල්ල පී.සරවණමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති කෝට්ටේ ජනාධිපති විදුහල හා කොළඹ අශෝක විදුහල අතර පැවැති වාර්ෂික එක් දින තරගයෙන් ජනාධිපති ව්දුහල ලකුණු 49 ක ජයක් ලැබීය.
ජනාධිපති විදුහල පළමුව පන්දුවට පහර දෙමින් ඕවර 49 ක් අවසානයේදී කඩුළු අටකට ලකුණු 260 ක් රැස් කළේය.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අශෝක විදුහලේ අවසන් කඩුළු පහක් ලකුණු 66 කට බිදී යාමෙන් මෙවරත් වාර්ෂික එක් දින තරගයේ ජය ජනාධිපති විදුහලට අත් විය.
තරගයේ විරයා වූ ජනාධිපති විදුහල් කණ්ඩායමේ හිරුන් ළිදුල තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දක්වමින් පන්දු 114 කදී හතරේ පහර 12 ක් හා හයේ පහර තුනක් සමගින් ලකුණු 104 ක් රැස් කළේය.පන්දු යැවිමේදී ඔහු ලකුණු 47 කට කඩුලු තුනක් දවා ගැනීමටද සමත් විය.
කෝට්ටේ ජනාධිපති විදුහල ඕවර 49 කදී කඩුලු හයට 260
(අරෝශ ලෝචන 15, හිරුන් ළිදුල 104, සෙතිල සෙවාස් 16, නේවින්ද සත්සර 56, පුන්සර නෙත්මිණ 16, සසිදු අවිශ්ක නොදැවී 17, ඉසිරු කෞෂල්‍ය 49/3, රශ්මික පෙරේරා 36/2)
කොළඹ අශෝක විදුහල ඕවර 44.3 කදී සියළු දෙනා දැවී 215
(මෙනුක් මින්‍තක 14, මිදුල හසරැල් 57,සසිදු මලින්ද 32, චතුර ප්‍රබෝද් 15,චමත් තස්මිල 21, රශ්මික පෙරේරා 22, ෂෙහන්ක අබේරත්න 26/2, හිරුන් ළිදුල 47/3, සිතුම් ඔසද 38/2, නවීන්ද තත්සර 37/3)