Last Update  :  2025-09-04 14:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයට ඉනිමක ජයක්

කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයට ඉනිමක ජයක්

Nisanka Sandeepani - 2017 දෙසැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ තරගයකදී දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 85 ක ජයක් හිමිකර ගැනීමට කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාල විද්‍යාලය ඊයේ (28 වැනිදා) සමත්විය. මෙම තරගය එස්.ද.එස් ජයසිංහ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ඉසුරු අවින්ද (33/6) සහ තිමිර මල්ශාන් (36/5) පන්දුවෙන් දස්කම් දක්වමින් කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාල විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

දෙහිවල ම.ම. විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 37.2 කදී සියලුදෙනා දැවී ලකුණු 112
(රවිඳු උදයංග 31, ඩිල්ශාන් කාවින්ද 23, ඉසුරු අවින්ද 33/6, තිමිර මල්ෂාන් 10/3)

ආනන්ද ශාස්ත්‍රාල විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 68.2 කදී සියලුදෙනා දැවී ලකුණු 263
(කමිඳු සත්මිණ 57, සොනාර සතුම්ප්‍රිය 46, ඉසුරු අවින්ද 36, කේශක සසංක 90/4, සංකල්ප පෙරේරා 33/3)

දෙහිවල ම.ම. විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 22.4 කදී සියලුදෙනා දැවී ලකුණු 66
(අබ්දුල් අක්මාර් 20, තිමිර මල්ශාන් 36/5, අබිලාෂ් දිනකර 25/3)


අදහස් (0)

කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.