Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ තරගයකදී මහනුවර ධර්මරාජ විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 31 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය ඊයේ (30 වැනිදා) සමත්විය. මෙම තරගය මහනුවර ධර්මරාජ විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
තෙවිඳු සේනාරත්න (115) ශතකයක් සහ කමිල් මිශාර ලකුණු 66 කට කඩුලු 9 ක් දවාගනිමින් කොළඹ රාජකීය විද්‍යාලය වෙනුවෙන් දස්කම් දැක්වූහ.
රාජකීය විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 66.3 කදී සියලුදෙනා දැවී ලකුණු 301
(තෙවිඳු සේනාරත්න 115, භාග්‍ය දිසානායක 68, ගයාන් දිසානායක 52, නවිඳු ඩිල්ශාන් 57/3, රුක්මාල් දිසානායක 62/3, උපේන්ද්‍ර වර්ණකුළසූරිය 59/2)
ධර්මරාජ විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 44 කදී සියලුදෙනා දැවී ලකුණු 98
(කසුන් ගුණවර්ධන 32, සචින්ත සේනානායක 31, කමිල් මිශාර 20/6, මනුල පෙරේරා 25/4)
ධර්මරාජ විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 42.4 කදී සියලුදෙනා දැවී ලකුණු 172
(බවන්ත උදංගමුව 43, යසිත් සමරරත්න 28, මනුල පෙරේරා 69/4, කමිල් මිශාර 46/3, ළහිරු මදුශංක 39/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.