Last Update  :  2026-04-02 17:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කොළඹ රාජකීය - මහානාම අර්ධ අවසන් පූර්ව තරගය අද සිට
19න් පහළ ක්‍රිකට් තරගාවලිය

කොළඹ රාජකීය - මහානාම අර්ධ අවසන් පූර්ව තරගය අද සිට

editorial - 2026 අප්‍රේ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු කොටස ‘ඒ’තලයේ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ තවත් අර්ධ අවසන් පූර්ව තරගයක් අද (2 වැනිදා) ආරම්භ වේ. පසුගියවර සම ශූර කොළඹ රාජකීය විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර අර්ධ අවසන් පූර්ව තරගය අද (2) කටාන මඩම්පැල්ල ඩී. එච්. එච්. ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.

පාසල් කණ්ඩායම් 18ක් අතුරින් පළමු වටයේදී කාණ්ඩ 2ක් යටතේ ලීග් ක්‍රමයට තරග වැදුණු අතර, ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වැදුණු කොළඹ රාජකීය විද්‍යාලය පළමු වටයේදී තම කාණ්ඩයේ අනු ශූරයින් ලෙසින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. තරගාවලියේ පළමු වටයේදී ‘බී’ කාණ්ඩය යටතේ තරග වැදුණු කොළඹ මහානාම විද්‍යාලය තම කාණ්ඩයේ තෙවැනි ස්ථානය හිමිකර ගනිමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය, කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය මේ වන විට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටිති.


අදහස් (0)

කොළඹ රාජකීය - මහානාම අර්ධ අවසන් පූර්ව තරගය අද සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.