Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කොළඹ දිසාපති කුසලාන ක්‍රීඩා සමස්ත ශූරතාව ජයවර්ධනපුරට

කොළඹ දිසාපති කුසලාන ක්‍රීඩා සමස්ත ශූරතාව ජයවර්ධනපුරට

editorial - 2022 නොවැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන නිලධාරීන් වෙනුවෙන් පැවැති ‘දිසාපති කුසලාන’ ක්‍රීඩා තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමත් විය.

කැරම් (මිශ්‍ර), චෙස් (මිශ්‍ර) සහ මලල ක්‍රීඩා (පිරිමි සහ කාන්තා) ශූරතා දිනාගනිමින් කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙවර ශූරතාවට හිමිකම් කීවේය. කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තරගවලියේ සමස්ත අනු ශූරතාවට හිමිකම් කීවේ දැල්පන්දු සහ ක්‍රිකට් (කාන්තා) ශූරතා මෙන්ම කඹ ඇදීම (පිරිමි සහ කාන්තා) සහ වොලිබෝල් (පිරිමි) අනු ශූරතා දිනාගනිමිනි.

කොළඹ දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන නිලධාරීන්ගේ ක්‍රීඩා හැකියාවන් වර්ධනය කිරීමේ අරමුණින් කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ සංකල්පයකට අනුව මෙම තරගාවලිය සංවිධානය කෙරිණ.

තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා වර්ණ සහ ජය සංකේත ප්‍රදානය කිරීමේ වර්ණ රාත්‍රිය අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රදානත්වයෙන් සහ ප්‍රවීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකගේ සහභාගීත්වයෙන් දෙසැම්බර් මස 3 වැනිදා පස්වරු 4.00 සිට මහරගම ජාතික තරුණ සේවා සභා යොවුන් රඟහලේදී පැවැත්වේ.


ක්‍රීඩා ශූරතා
වොලිබෝල් (පිරිමි)
ශූරතාව - කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
අනු ශූරතාව - කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය


වොලිබෝල් (කාන්තා)
ශූරතාව - කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
අනු ශූරතාව - සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය


දැල්පන්දු
ශූරතාව - කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
අනු ශූරතාව - කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය


ක්‍රිකට් (පිරිමි)
ශූරතාව - හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
අනු ශූරතාව - තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය


ක්‍රිකට් (කාන්තා)
ශූරතාව - කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
අනු ශූරතාව - පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය


කැරම් (මිශ්‍ර)
ශූරතාව - ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
අනු ශූරතාව - හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය


කඹ ඇදීම (පිරිමි)
ශූරතාව - තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
අනු ශූරතාව - කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය


කඹ ඇදීම (කාන්තා)
ශූරතාව - මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
අනු ශූරතාව - කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය


චෙස් (මිශ්‍ර)
ශූරතාව - ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
අනු ශූරතාව - හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය


බැඩ්මින්ටන් (පිරිමි සහ කාන්තා)
ශූරතාව - කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
අනු ශූරතාව - කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය


එල්ලේ (පිරිමි සහ කාන්තා)
ශූරතාව - මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
අනු ශූරතාව - කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය


මලල ක්‍රීඩා (පිරිමි සහ කාන්තා)
ශූරතාව - ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
අනු ශූරතාව - පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

-036

 


අදහස් (0)

කොළඹ දිසාපති කුසලාන ක්‍රීඩා සමස්ත ශූරතාව ජයවර්ධනපුරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.