අන්තර් පළාත් සිවුදින ක්‍රිකට් තරගාවලියේ කොළඹ කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (21 වැනිදා) ආරම්භවූ තරගය පළමු දිනට අවසන් කරන විට පළමු ඉනිම සදහා පන්දුවට පහර දෙමින් සිටි දඹුල්ල කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 73 ක් රැස්කර සිටියේය.
කුසල් ජනිත් පෙරේරා ලකුණු 13 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටින්නේය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම ලකුණු 210 කට සීමා කිරීමට ළහිරු මදුශංක ඇතුළු පන්දු යවන්නෝ සමත්වූහ.
විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ ළහිරු මදුශංක ලකුණු 43 කට කඩුලු 5 ක් දවාගනිමින් කොළඹ පිතිකරුවන් මෙල්ල කිරීමට සමත්විය.
කොළඹ කණ්ඩායම ලකුණු 52 කට කඩුලු 5 ක් අහිමිකරගෙන සිටියදී හයවැනි කඩුල්ල සදහා ලකුණු 75 ක සම්බන්ධතාවයක් පවත්වමින් යළි ඉනිම ගොඩනැගීමට වනිඳු හසරංග සහ ලසිත් අබේරත්න සමත්වූහ.
පන්දු 107 කට මුහුණදුන් ලසිත් අබේරත්න කොළඹ කණ්ඩායමේ අවසන් කඩුල්ල ලෙස දැවීයන විට හතරේ පහර 9 ක් සමගින් ලකුණු 85 ක් රැස්කිරීමට සමත්විය. වනිඳු හසරංග පන්දු 72 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 52 ක් රැස්කරමින් කොළඹ කණ්ඩායම වැටී සිටි ආගාධයෙන් තරමක් දුරට ගොඩගැනීමට සමත්විය.
දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක ළහිරු මදුශංක ලකුණු 43 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. අසිත ප්‍රනාන්දු ලකුණු 46 කට කඩුලු 2 ක් දවාගත්තේය.
කොළඹ කණ්ඩායම - පළමු ඉනිම - ඕවර 64.2 කදී සියලුදෙනා දැවී ලකුණු 210
(ශෙහාන් ජයසූරිය 23, වනිඳු හසරංග 52, ලසිත් අබේරත්න 85, ළහිරු මදුශංක 43/5, අසිත ප්‍රනාන්දු 46/2)
දඔුල්ල කණ්ඩායම - පළමු ඉනිම - ඕවර 14.4 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 73
(කුසල් මෙන්ඩිස් 24, ඩිලේෂ් ගුණරත්න 29/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.