ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේ (අයි. පී. එල්.) චෙන්නායි සුපර්කිංග්ස් පිල සහ කොල්කටා නයිට්රයිඩර්ස් පිල අතර කොල්කටාහි ඊඞ්න් ගාඞ්න්ස් කී‍්‍රඩාංගණයේදී අද (20 වැනිදා) පැවැති තරගයෙන් කඩුලූ 8 ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට්රයිඩර්ස් පිල සමත්විය.
තරගය ජයගැනීම සඳහා ලකුණු 155 ක ඉලක්කය හඹාගිය කොල්කටා නයිට්රයිඩර්ස් පිල පන්දු 12 ක් ඉතිරිව තිබියදී එම ඉලක්කය පසුකර ගියේය.
ආරම්භක කඩුල්ලට පන්දු 42 කදී ලකුණු 64 ක් එක්කළ රොබින් උත්තාපා (67) සහ ගෞතම් ගම්බීර් (21) කොල්කටා පිලට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. පන්දු 39 කින් වාර්තා වූ රොබින් උත්තපාගේ වේගවත් ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 10 කින් සමන්විත විය.
පන්දු 21 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගින් නොදැවී ලකුණු 46 ක් රැුස්කළ ශකීබ් අල් හසන් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියේය.
කාසියේ වාසිය දිනූ කොල්කටා නයිට්රයිඩර්ස් පිලේ නායක ගෞතම් ගම්භීර්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි සුපර්කිංග්ස් පිල නියමිත ඕවර 20 ක් අවසානයේ කඩුලූ 4 ක් දැවී ලකුණු 154 ක් ලබාගත්තේය. චෙන්නායි පිලේ වැඩිම ලකුණු ලාභියා වූ සුරේෂ් රයිනා පන්දු 52 කදී ලකුණු 65 ක් රැස්කළේ හයේ පහර 5 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි.
දෙවැනි කඩුල්ල වෙනුවෙන් බ්‍රෙන්ඩන් මැකලම් (28) සමග එක්ව පන්දු 55 කදී ලකුණු 55 ක සම්බන්ධතාවක් ගොඩනැගූ රයිනා, තෙවැනි කඩුල්ල වෙනුවෙන් ෆෆ් ඩුප්ලෙසි (23) සමග එක්ව පන්දු 30 කදී 62 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනගමින් චෙන්නායි පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.
චෙන්නායි සුපර්කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලූ 4 කට 154
(බ්‍රෙන්ඩන් මැකලම් 28, සුරේෂ් රයිනා 65, ෆෆ් ඩුප්ලෙසි 23, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 22)
කොල්කටා නයිට්රයිඩර්ස් පිල - ඕවර 18 කදී කඩුලූ 2 කට 156
(රොබින් උත්තාපා 67, ගෞතම් ගම්බීර් 21, මනීෂ් පාන්ඬේ නොදැවී 18, ශකීබ් අල් හසන් නොදැවී 46)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.