Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කොල්කටා පිල ප‍්‍රසාද ලකුණු 12 යි

කොල්කටා පිල ප‍්‍රසාද ලකුණු 12 යි

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප‍්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) ක‍්‍රිකට් තරගාවලියේ 43 වැනි තරගය ලෙස හයිද්‍රාබාද්හිදී අද (18) පැවැති දිනයේ දෙවැනි තරගයේදී කොල්කටා නයිට් රයිඩර්ස් පිල කඩුලූ 7 කින් සන්රයිසස් හයිද්‍රාබාද් පිල පරාජය කිරීමත් සමග පළමු කණ්ඩායම් හතරට පැමිණීමේ සටන තව දුරටත් තියුණු විය.

කොල්කටා පිල මේ වන විට තරග 11 කින් හයක් ජය ලබා ප‍්‍රසාද ලකුණු 12 ක් සමගින් සිවුවැනි ස්ථානයේ පසු වෙයි. කොල්කටා පිලට තවත් තරග තුනක් ඉතිරිව තිබේ.

පන්ජාබ් සහ චෙන්නායි යන කණ්ඩායම් ප‍්‍රසාද ලකුණු 16 බැගින් ලබා පළමු සහ දෙවැනි ස්ථානවල පසු වෙයි. රාජස්ථාන් පිල ප‍්‍රසාද ලකුණු 14 ක් ලබා තෙවැනි ස්ථානයේ සිටියි.

පස්වැනි ස්ථානයේ පසු වන බැංගලෝර් පිල තරග 11 කින් පහක් ජය ලබා ප‍්‍රසාද ලකුණු 10 ක් ලබා සිටියි. පළමු සහ දෙවැනි ස්ථාන හිමිකර ගන්නා කණ්ඩායම දෙක අතර තරගයෙන් ජය ලබන කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබන අතර එම තරගයෙන් පරාජයට පත්වන කණ්ඩායමට අවසන් තරගයට පැමිණීමට තවත් අවස්ථාවක් හිමිවේ.

 යුසුෆ් පතාන් කළකට පසුව අනගි ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 28 කදී හතරේ පහර 2 ක් සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 39 ක් රැුස්කරමින් කොල්කටා පිල ජයග‍්‍රහණ දක්වා රැගෙන ආවේය.

ඬේවිඞ් වෝනර් ලකුණු 34 ක් රැස්කරමින් හයිද්‍රාබාද් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. හයිද්‍රාබාද් පිලේ නායකයා ලෙස කටයුතු කළ ඉන්දීය ප‍්‍රවේගකාරි ආරම්භක පිතිකරු ශීකර් දාවන් එම තනතුරෙන් ඉවත්කර ඩැරන් සැමී නායකත්වයට පත්කර තිබේ.

හයිද්‍රාබාද් පිලේ නායක ඩැරන් සැමී කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.


සන්රයිසස් හයිද්‍රාබාද් පිල  ඕවර 20 කදී කඩුලූ 8 ට 142 (ශීකර් දාවන් 19, නාමන්  ඕජා 22, ඬේවිඞ් වෝනර් 34, ලෝකේෂ් රාහුල් 14, ඉර්ෆාන් පතන් නොදැවී 23, උමේෂ් යාදේව් 26/3, ශකීබ් අල් හසන් 22/2)

කොල්කටා නයිට් රයිඩර්ස් පිල  ඕවර 19.4 යේදී කඩුලූ 3 ට 146 (රොබින් උත්තප්පා 40, මනීෂ් පාන්ඬේ 35, යූසුෆ් පතාන් නොදැවී 39, රයන් ටෙන් නොදැවී 21)

 

- 048


අදහස් (0)

කොල්කටා පිල ප‍්‍රසාද ලකුණු 12 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.