Last Update  :  2025-05-03 18:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කේවල තරග හෙට ඇරඹෙයි

කේවල තරග හෙට ඇරඹෙයි

සංජය එරමුදුගොඩ - 2016 නොවැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ස්පාඤ්ඤයේ බිල්බාවෝ නුවරදී පැවැත්වෙන ලෝක කනිෂ්ඨ බැඞ්මින්ටන් ශූරතාවලියේ කේවල සහ යුගළ පළමු වටයේ තරග හෙට (8 වැනිදා) සිට ආරම්භ වෙයි. සෙව්මිණ ගුණතිලක, කසුන් අමරසේන, උමිඳු ලියනගේ, ලසංගා හෙට්ටිආරච්චි සහ ඉනුරි කුරුප්පු හෙට සිට තරග බිමට පිවිසීමට සූදානමින් සිටිති.

සෙව්මිණ ගුණතිලක හෙට පැවැත්වෙන බාලක කේවල තරගයකදී මැලේසියාවේ ෆොන්ග් හවු සිම්ට එරෙහිව තරග වැදීමට නියමිත අතර කසුන් අමරසේන සහ උමිඳු ලියනගේ බාලක යුගළ තරගයකදී චෙක් ජනරජයේ ඔන්ඩ්‍රේජ් ක්රාල්ට සහ ජෑන් සොමෙර්ලික්ට එරෙහිව තරග වැදීමට නියමිතය.

බාලිකා යුගළ තරගයකදී ඉන්දියාවේ මහීමා අගර්වාල්ට සහ ශිඛා ගෞතම්ට එරෙහිව තරග වැදීම සඳහා ලසංගා හෙට්ටිආරච්චි සහ ඉනුරි කුරුප්පු හෙට තරග බිමට පිවිසෙති.

තරග සැලැස්මට අනුව සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පළමු වටයේදී නිතරග ජය ලබා දෙවැනි වටය සඳහා සුදුසුකම් ලබා සිටිති.

මෙම තරගාවලියේ බාලක කේවල තරග සඳහා ක්‍රීඩකයෝ තිදෙනෙක්ද, බලිකා කේවල තරග සඳහා ක්‍රීඩිකාවෝ තිදෙනෙක්ද සහභාගි වෙති. මිශ්‍ර යුගළ තරග සඳහා කණ්ඩායම් 3 ක්ද, බාලක යුගළ සහ බාලිකා යුගළ තරග සඳහා කණ්ඩායම් 2 බැගින්ද සහභාගි වෙති.


පළමු වටයේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගිවන තරග

බාලක කේවල තරග

සෙව්මිණ ගුණතිලක සහ මැලේසියාවේ ෆොන්ග් හවු සිම් අතර
රන්තුෂ්ක සසිඳුට නිතරග ජයක්
මධුක දුලාංජනට නිතරග ජයක්


බාලිකා කේවල තරග

ඉනුරි කුරුප්පුට නිතරග ජයක්
බුත්මි ගලගමගේට නිතරග ජයක්
හසාරා විජේරත්නට නිතරග ජයක්


බාලක යුගළ තරග

කසුන් අමරසේන/උමිඳු ලියනගේ සහ චෙක් ජනරජයේ ඔන්ඩ්‍රේජ් ක්රාල්/ජෑන් සොමෙර්ලික් අතර
ශාමික හසරංග සහ පසිඳු පල්ලියගුරුගේට නිතරග ජයක්


බාලිකා යුගළ තරග

ලසංගා හෙට්ටිආරච්චි/ඉනුරි කුරුප්පු සහ ඉන්දියාවේ මහීමා අගර්වාල්/ශිඛා ගෞතම් අතර
බුත්මි ගලගමගේ සහ නයනතාරා ටෙෂානිට නිතරග ජයක්


මිශ්‍ර යුගළ තරග

මොහොමඞ් ශාදීර් සහ ලසංගා හෙට්ටිආරච්චිට නිතරග ජයක්
තෙවින් රාහුබද්ද සහ කවිෂ්කා ගුණරත්නට නිතරග ජයක්
තිළිණ ගෝනපීනුවල සහ හසාරා විජේරත්නට නිතරග ජයක්

 


අදහස් (0)

කේවල තරග හෙට ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.