Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කෙනුල - කවිඳු ඌවට ජය ගෙනෙති

කෙනුල - කවිඳු ඌවට ජය ගෙනෙති

Nisanka Sandeepani - 2017 සැප් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 15 න් පහළ 'ප්‍රිමා' කුසලාන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේදී නැගෙනහිර පළාත් කණ්ඩායමට එරෙහිව ලකුණු 73 ක ජයක් හිමිකර ගැනීමට ඌව පළාත් කණ්ඩායම අද (22 වැනිදා) සමත්විය. මෙම තරගය රත්මලාන වාරීමාර්ග දෙපාර්තමේනතු ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.
 
ලසේන් කෙනුල (නොදැවී 81) අර්ධ ශතකයක් සහ ලකුණු 10 කට කඩුලු 3 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූවූ අතර කවිඳු ලක්ෂාන් ලකුණු 23 කට කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
 
ඌව පළාත - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 195
(ලසේන් කෙනුල නොදැවී 81, සලිත් බස්නායක 26, ට්‍රේවින් අමරසිංහ 24, ශෙවොන් නිමන්ත 24/5, මනුල ගෙත්මිණ 29/2)
 
නැගෙනහිර පළාත - ඕවර 36.1 කදී සියලු දෙනා දැවී ලකුණු 122
(ශෙවොන් නිමන්ත 56, කවිඳු ලක්ෂාන් 23/6, ලසේන් කෙනුල 10/3)
 
 
 

අදහස් (0)

කෙනුල - කවිඳු ඌවට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.