Last Update  :  2025-09-04 14:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කුළියාපිටිය මැදි විදුහලට ඉනිමක ජයක්

කුළියාපිටිය මැදි විදුහලට ඉනිමක ජයක්

සංජය එරමුදුගොඩ - 2017 දෙසැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරගයකදී කුරුණෑගල වයඹ රාජකීය විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 97 ක ජයක් ලබාගැනීමට කුළියාපිටිය මධ්‍ය මහා විද්‍යාලය ඊයේ (28 වැනිදා) සමත්විය. මෙම තරගය හෙට්ටිපොල මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ගයන්ත බණ්ඩාර (118) ශතකයක් සහ හේෂාන් ජයසේකර ලකුණු 68 කට කඩුලු 6 ක් දවාගනිමින් කුළියාපිටිය මධ්‍ය මහා විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වුහ.

වයඹ රාජකීය විද්‍යාලය වෙනුවෙන් සී.රත්නායක (105) ශතකයක් රැස්කිරීමට සමත්විය.


කුළියාපිටිය ම.ම. විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 65.5 කදී සියලුදෙනා දැවී ලකුණු 389
(ගයන්ත බණ්ඩාර 118, මාධව හේරත් 71, දුලාජ් හේෂාන් 53, කාවින්ඳ චමෝද් 25, හේෂාන් ජයසේකර 20, වයි. අධිකාරී 74/3, ඩි.රත්නායක 81/3, එල්. විතානගේ 47/2)

වයඹ රාජකීය විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 54.1 කදී සියලුදෙනා දැවී ලකුණු 107
(එම්. කුමාරගේ 21, ඒන්ජල් ප්‍රනීත් 24/4)

වයඹ රාජකීය විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 45 කදී සියලුදෙනා දැවී ලකුණු 185
(සී.රත්නායක 105, හේෂාන් ජයසේකර 68/6, තමාෂ් කවිඳු 15/2)

 


අදහස් (0)

කුළියාපිටිය මැදි විදුහලට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.