අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලය හා කරන්දෙණිය මධ්‍ය විද්‍යාලය අතර දෙවැනි වරටත් පවත්වනු ලබන ‘දෙනුවර රිද්මය’ වාර්ෂික ක‍්‍රිකට් තරගය පී. ද එස්. කුලරත්න විද්‍යාලයේ සත්කාරකත්වයෙන් අද සහ හෙට අම්බලන්ගොඩ මහජන ක‍්‍රීඩාංගණයේ දී පැවැත්වෙයි. මෙම වාර්ෂික ක‍්‍රිකට් තරගයේ මංගල තරගයේ ජය හිමිවූයේ කරන්දෙණිය මධ්‍ය විද්‍යාලයටය.
නඳුන් මනමේකල කරන්දෙණිය මධ්‍ය විද්‍යාලයීය කණ්ඩායම මෙහෙයවන අතර, සචින් අවිශ්ක පී. ද එස්. කුලරත්න විද්‍යාලයීය කණ්ඩායමේ නායකත්වය දරයි.
සිය පිට පිට දෙවැනි ජයග‍්‍රහණය ලබා ගැනීමේ අදිටනින් කරන්දෙණිය මධ්‍ය විද්‍යාලය ද සිය මංගල ජයග‍්‍රහණ ලබා ගැනීමේ අදිටනින් පී. ද එස්. කුලරත්න විද්‍යාලය ද මෙවර තරගයට පැමිණෙති.
පී. ද එස්. කුලරත්න විද්‍යාලයීය කණ්ඩායම:
පළමු පෙළ වමේ සිට: සචින් අවිශ්ක (නායක), ප‍්‍රදීප් මංගල (ක‍්‍රීඩා භාර ආචාර්ය), ජගත් සේනාරත්න (විදුහල්පති), කේ. ජානකලාල් (ක‍්‍රීඩා අංශ ප‍්‍රධාන), ගාමිණී ද සිල්වා (නියෝජ්‍ය විදුහල්පති), ප‍්‍රසාන් සමීර (උප නායක), දෙවන පෙළ වමේ සිට කවිඳු කල්හාර, එරන්ද ලක්ෂිත, නිම්න සාරංග, සචින් හිරාන්, අමන්ත මධුසංඛ, මලීෂ හර්ෂජීව, නිසල ශිරන්ත, භානුක පමුදිත, ඩිලාන් රන්දික, චලිත චමෝද්, දිල්හාන් මධුරංග.
කරන්දෙණිය මධ්‍ය විද්‍යාලයීය කණ්ඩායම:
ඉදිරි පෙළ වමේ සිට: අකිල දිල්හාර, රංජිත් ප‍්‍රියන්ත (ක‍්‍රීඩා භාර ආචාර්ය), නඳුන් මනමේකල (නායක), පී. විජේසේකර (විදුහල්පති), චමුක මිලාන්, අජන්ත කුමාර, (පුහුණුකරු), චතුරංග මධුෂාන්, දෙවන පෙළ වමේ සිට: විරාජ් කාවිංග, ඉසුරු මධුෂාන්, සප්න සඳරුවන්, දමිත් අසංක, යොහාන් සුරේෂ්, මහේෂ් වීරසිංහ, චමත් දිල්ෂාන්, සුරංග මධුෂංඛ, ටනුජ් කාවිංග, හර්ෂ දිලිප්, සුරාජ් ඉන්ද්‍රමාල්, දිලූම් සුධීර, ගිහාන් මධුර.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.