Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කුක් නායකත්වයේ එළිපත්තට

කුක් නායකත්වයේ එළිපත්තට

සංජය එරමුදුගොඩ - 2014 දෙසැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එළබෙන ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්ත කණ්ඩායම නියෝජනය කරන කී‍්‍රඩකයන් 15 දෙනා තෝරා ගැනීම සඳහා නම් කරන ලද කී‍්‍රඩකයන් 30 දෙනෙකුගෙන් සමන්විත සංචිතය ඉකුත්දා ප‍්‍රකාශයට පත් කෙරිණ.

එම සංචිතයට අනුව ඇලස්ටෙයාර් කුක් තවදුරටත් එංගලන්ත පිලේ නායකයා ලෙස කටයුතු කරන අතර අවසන් 15 දෙනා නම් කිරීමේදී නායකත්වයේ වෙනසක් වීමටද ඉඩ ඇති බව වාර්තා වේ.

නායකත්වයේ යම් වෙනසක් වන්නේ නම් එංගලන්ත පිලේ නවක නායකයා ලෙස ඔයින් මෝගන් හෝ ඉයන් බෙල් පත්වීමට වැඩි ඉඩක් ඇති බව වාර්තා වේ.

මෙම සංචිතයේ සිටින ජ්‍යෙෂ්ඨතම කී‍්‍රඩකයා ලෙස වේගපන්දු යවන කී‍්‍රඩක ජේම්ස් ඇන්ඩසන් හැදින්විය හැකි අතර ඔහු 2003, 2007 සහ 2011 වසර වල පැවැති ලෝක කුසලාන තරගාවලි වලදී එංගලන්ත කණ්ඩායම නියෝජනය කර තිබේ.

 


එංගලන්ත ලෝක කුසලාන සංචිතය
ඇලෙස්ටෙයාර් කුක් (නායක), මොයින් අලී, ජේම්ස් ඇන්ඩසන්, ජොනතන් බෙයාස්ට්‍රෝ, ගැරී බැලන්ස්, ඉයන් බෙල්, රවී බොපාරා, ටිම් බ්‍රෙස්නන්, ස්ටුවර්ට් බෝඞ්, ජැක් බෘක්ස්, ජොස් බට්ලර්, ස්ටීවන් ෆින්, හැරී ගානි, ඇලෙක්ස් හේල්ස්, කි‍්‍රස් ජොර්ඞ්න්, කේ‍්‍රග් කීස්වෙටර්, ඔයින් මෝගන්, ස්ටීවන් පානි, සමිට් පටේල්, ලියෑම් ප්ලන්කට්, බොයිඞ් රැන්කින්, ආදිල් රෂිඞ්, ජෝ රූට්, ජේසන් රෝයි, බෙන් ස්ට්‍රෝක්, ජේම්ස් ටේලර්, ජේම්ස් ටෙ‍්‍රඞ්වෙල්, ජේම්ස් වින්ස්, කි‍්‍රස් වෝක්ස් සහ ලූක් රයිට්

 


- 036


අදහස් (0)

කුක් නායකත්වයේ එළිපත්තට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.