Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කුක් දූපත් ශ්‍රී ලංකාවට පරදී

කුක් දූපත් ශ්‍රී ලංකාවට පරදී

editorial - 2023 ඔක් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කුත් (අයිලන්ඩ්) දූපත් පරාජයට පත් කරමින් ශ්‍රී ලංකාව සිංගප්පූරුවේ දී දැන් පැවැත්වෙන සය කොන් ජාත්‍යන්තර දැල්පන්දු තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය ඊයේ (24) වාර්තා කළේය. ඒ ලකුණු 63-52ක් පරිදි ය.

එහිදී ශ්‍රී ලංකාව වට හතරේදීම පෙරමුණ ගනිමින් (18/11 – 15/13 – 17/10 – 16/15) ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. පෙර පැවැති තරග දෙකකදී ශ්‍රී ලංකාව කැනඩාව හා සිංගප්පූරු ඒ කණ්ඩායමට පරාජය වී තිබීමෙන් ඊයේ ඔවුන්ගේ ජයග්‍රහණය කැපී පෙනේ.

ඊයේ තරග වදින විට කුත් දූපත් ලෝක දැල්පන්දු ශ්‍රේණිගත කිරීම් අනුව 19 වැනි ස්ථානයේත් ශ්‍රී ලංකාව එහි 20 වැනි ස්ථානයෙන් පසු විය.

අද (25) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.30ට පැපුවානිව්ගිනියා සමඟ ශ්‍රී ලංකාව තරගාවලියේ සිය සිවුවැනි තරගයට සහභාගි වේ. පැපුවානිව්ගිනියාව ලෝක ශ්‍රේණිගත කිරීම අනුව දැන් 36 වැනි ස්ථානයේ පසුවේ.


අදහස් (0)

කුක් දූපත් ශ්‍රී ලංකාවට පරදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.