මේ වසරේදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල ක‍්‍රීඩා උළෙල හා ආසියානු ක‍්‍රීඩා උළෙල නියෝජනය කරන ජාතික ක‍්‍රීඩා සංගම්වල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා තෝරා ගත් ක‍්‍රීඩා සංගම් වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 10 කට නොවැඩි මුදලක් පිරිනැමීමට ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා පියවර ගෙන තිබේ. ඒ සඳහා තෝරා ගන්නා ලද කී‍්‍රඩා සංගම්වලට ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් පසුගියදා ක‍්‍රීඩා අමාත්‍යංශයේදී චෙක්පත් ප‍්‍රදානය කෙරිණ.
මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ මළල ක‍්‍රීඩා, රග්බි, බැඞ්මින්ටන්, වෙඩි තැබීම, බර ඉසිලීම, බොක්සිං, වෙරළ වොලිබෝල්, මේසපන්දු, දැල්පන්දු, ජූඩෝ, පාපන්දු, දුන්නෙන් විදීම, පිහිනුම්, රුවල් ඔරු පැදීම යන ක‍්‍රීඩා 14 ක් තෝරා ගනු ලැබ තිබේ.
එම කී‍්‍රඩා අතුරින් ගෝල්ෆ්, රග්බි, බොක්සිං, බර ඉසිලීම, පාපැදි, රුවල් ඔරු, වොලිබෝල් යන ක‍්‍රීඩා ඉසව් සඳහා රුපියල් ලක්‍ෂ 5 සිට රුපියල් ලක්‍ෂ 10 දක්වා පිරිනැමීමට ක‍්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන ඇති අතර මෙම මුදල් සඳහා වන චෙක්පත් මහින්දානන්ද අලූත්ගමගේ මහතා විසින් ප‍්‍රදානය කරන ලදි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.