Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කෑගලු දිස්ත්‍රික් පාපැදි ශූරයා මොල්ලිගොඩ

කෑගලු දිස්ත්‍රික් පාපැදි ශූරයා මොල්ලිගොඩ

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ අධීක්ෂණය යටතේ කෑගල්ල දිස්ත්‍රික් පාපැදි සංගමය සංවිධානය කළ කෑගල්ල දිස්ත්‍රික් පාපැදි තරගාවලියේ රේසිං පාපැදි (පිරිමි) තරගය ජයගැනීමට කෑගලු පාපැදි සමාජයේ එම්.එම්. මොල්ලිගොඩ සමත් විය.

කිලෝ මීටර් 60 ක දුරකින් සමන්විත වූ එම තරගයේ දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට රන්වැලි පාපැදි සමාජයේ චමින්ද සමන් කුමාර සමත් වූ අතර තෙවැනි ස්ථානය එම සමාජයේම තුෂාන් වසන්ත චන්ද්‍රපාලට හිමිවිය.

මෙම තරගයට සමගාමීව පැවැති රේසිං පාපැදි (කාන්තා) තරගය ජයගැනීමට කෑගලු පාපැදි සමාජයේ මල්ලිකා චන්ද්‍රකාන්ති සමත් වූ අතර එම තරගය කිලෝ මීටර් 50 ක දුරකින් සමන්විත විය.

එහිදී කිලෝ මීටර් 60 ක දුරකින් සමන්විත වූ ස්ටෑන්ඩඞ් පාපැදි (පිරිමි) තරගයක්ද පැවැති අතර එම තරගයේ ජය තමන් සතුකර ගැනීමට කෑගලු පාපැදි සමාජයේ කණිෂ්ක දිනේෂ් සමත් විය. රන්වැලි පාපැදි සමාජයේ පියල් රණතුංග සහ ආර්.ඩී. චමින්ද පිළිවෙලින් එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකරගත්හ.

රුවන්වැල්ල නරගය ආශ්‍රිතව පැවැති මෙම තරගයේ අධීක්ෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ උප ලේකම් නිලූකා සුරංජි මහත්මිය සහභාගි වූවාය. තරගාවලියේ සියලුම ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා කුසලාන සහ සහතිකපත් පිරිනැමිණ.


අදහස් (0)

කෑගලු දිස්ත්‍රික් පාපැදි ශූරයා මොල්ලිගොඩ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.