Last Update  :  2025-09-06 19:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කැලණි හටන ජය පැරදුමෙන් තොරයි

කැලණි හටන ජය පැරදුමෙන් තොරයි

සංජය එරමුදුගොඩ - 2017 මාර් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කැලණිය ගුරුකුල විදුහල සහ කැලණිය ශ්‍රී ධර්මාලෝක විදුහල අතර කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති 29 වැනි ‘කැලණි හටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (29 වැනිදා) ජය පරාජයෙන් තොරව අවසන් විය. තරගය නිමාවන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ධර්මාලෝක විදුහල් කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 12 ක් ලබා සිටියේය.

ධර්මාලෝක විදුහලට වඩා ලකුණු 31 ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ ගුරුකුල විදුහල කඩුලු 6 ක් දැවී ලකුණු 198 ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවා ධර්මාලෝක විදුහලට දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදීමට ආරාධනා කර සිටියේය.

ගුරුකුළ විදුහලේ උදාර රවිඳු (68 සහ 67) ඉනිම් දෙකේදීම අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක් වූ අතර ලසිඳු අරෝෂ (48) සහ පෘතුවි රූසර (48) අර්ධ ශතක පෙනි පෙනී ඉතා අවාසනාවත්ත ලෙස දැවී ගියහ.

දක්ෂ පිතිහරඹයක නිරත වෙමින් පළමු ඉනිමේදී නොදැවී ලකුණු 77 ක් රැස්කළ ධර්මාලෝක විදුහලේ යුගීෂ දිල්ෂාන්, ගුරුකුල විදුහල් ඉනිම් දෙකේදී කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන්ද දස්කම් දැක්වීය.


ගුරුකුල විදුහල පළමු ඉනිම - ඕවර 60 කදී කඩුලු 9 ක් දැවී 214
(උදාර රවිඳු 68, ලසිඳු අරෝෂ 48, මලිඳු විඳුරංග 38, මාධව කවිඳු 47/3, යුගීෂ දිල්ෂාන් 74/3)

ශ්‍රී ධර්මාලෝක විදුහල පළමු ඉනිම - ඕවර 59.2 කදී සියලු දෙනා දැවී 183
(යුගීෂ දිල්ෂාන් නොදැවී 77, ෂෙනාල් හිමන්ත 35, මදුමාදව අනුරුද්ද 21, සචින්ත චමිත් 51/5, මලිඳු විදුරංග 43/3)

ගුරුකුල විදුහල දෙවැනි ඉනිම - ඕවර 41.3 කදී කඩුලු 6 ක් දැවී 198
(උදාර රවිඳු 67, පෘතුවි රූසර 48, ලසිඳු අරෝෂ 27, යුගීෂ දිල්ෂාන් 39/2, වෙනුර ගයාෂාන් 52/2)

ශ්‍රී ධර්මාලෝක විදුහල දෙවැනි ඉනිම - ඕවර 5 කදී කඩුල්ලක් දැවී 12

 


අදහස් (0)

කැලණි හටන ජය පැරදුමෙන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.