Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කැරම් ශූරයා නිශාන්ත - ශූරිය චලනි

කැරම් ශූරයා නිශාන්ත - ශූරිය චලනි

ශනුක අරවින්ද - 2018 ජන මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කැරම් සම්මේලනය මෙහෙය වූ විවෘත කැරම් තරගාවලියේ පිරිමි ශූරතාව නාවික හමුදා ක්‍රීඩක නිෂාන්ත ප්‍රනාන්දු විසින් ද කාන්තා ශූරතාව එහිම ක්‍රීඩිකාවක් වන චලනී ලක්මාලි විසින්ද දිනා ගන්නා ලදී. එහිදී ඇය අතින් පරාජයට පත්වූයේ ජාතික කැරම් ශූරියක වන සසිකා රාහුබද්ද වීම කැපී පෙනුනි.

කැරම් සම්මේලනයේ පසුගිය මාර්තු මාසයෙන් පසුව උද්ගත වූ පරිපාලන අර්බුද හේතුවෙන් එයින් පසුව පැවැති පළමු තරගාවලිය මෙය වේ. ඒ අනුව ඒ සඳහා පත්වූ නව නිලධාරී මණ්ඩලය ඉතා කෙටිකලකින් තරග සංවිධානයට අවතීර්ණ වෙමින් මෙම තරගාවලිය සංවිධානය කළේ ප්‍රතිවාදීන් හට කිසිදු අවස්තාවක් නොදී තරගවාර නිමා කළ ක්‍රීඩකයන් සිව්දෙනකු එහිදී වාර්තා විය. තමන්ට ලැබෙන පළමු අවස්ථාවේදීම මෙසේ සිය ඉත්තන් සියල්ලම කැරම් පුවරුවෙන් ඉවත් කිරීමට සමත්වූයේ නිෂාන්ත ප්‍රනාන්දු, චමිල් කුරේ, ලලිත් හේවගේ හා අමිල කරුණාරත්නය.

මෙම තරගාවලිය කාන්තා හා පිරිමි කේවල තරග ඉසව් දෙකකට පමණක් සිමාවිය. කොහුවල කැරම් සම්මේලන මූලස්ථානයේදී පැවැති ශූරතාවලියට දිවයිනපුරා කැරම් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 150 දෙනෙකු පමණ සහභාගි වූහ.

අවසන් ශූරතා ප්‍රතිඵල

  • පිරිමි කේවල - නිශාන්ත ප්‍රනාන්දු විසින් මොහොමඞ් සයිඞ් පරාජය කරන ලදී (25/0, 25/16)
  • කාන්තා කේවල - චලනි ලක්මාලි විසින් සයිනා රාහුබද්ද පරාජය කරන ලදී (25/21, 21/10)

 


අදහස් (0)

කැරම් ශූරයා නිශාන්ත - ශූරිය චලනි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.