Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කාලිංග අවසන් වටයෙන් ඉවතට
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල

කාලිංග අවසන් වටයෙන් ඉවතට

editorial - 2022 අගෝ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ මීටර් 400 පිරිමි ඉසව්වේ ඊයේ (5 වැනිදා) රාත්‍රියේ පැවැති අවසන් පූර්ව වටයේ තරගයකට සහභාගි වූ ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ එහිදී තත්ත්පර 47.00 ක කාලයක් වාර්තා කරමින් එහි 7 වැනි ස්ථානයට පත් විය.

කෙසේ වුවත් අවසන් පූර්ව වටයට සහභගි වූ ක්‍රීඩකයන් 24 දෙනා අතරින් 16 වැනි ස්ථානයට පත්වීම හේතුවෙන් කාලිංගට එම ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට නොහැකි විය. මෙම ඉසව්වේ අවසන් වටවට තෝරාගනු ලබන්නේ ක්‍රීඩකයන් 8 දෙ‍නකු පමණි.

අවසන් පූර්ව වටයේදී හොඳම කාලය වාර්තා කිරීමට එංගලන්තයේ හඩ්සන් ස්මිත් සමත් වූ අතර ඒ තත්ත්පර 45.77 කින් තරගය නිමා කරමිනි. උගන්ඩා සහ බාබඩෝස් ක්‍රීඩකයන් පිළිවෙලින් තත්ත්පර 45.80 ක සහ 45.82 ක කාලයන් වාර්තා කරමින් එහි දෙවැනි සහ තෙවැනි ස්ථානවලට පත්වූහ.

කාලිංග අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ මූලික වටය යටතේ ඔහු සහභාගි වූ තරගයේදී තත්ත්පර 46.53 ක් වාර්තා කරමිනි. අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ ක්‍රීඩකයන් 24 දෙනා අතර ඔහු පසුවූයේ 17 වැනි ස්ථානයේය.


අදහස් (0)

කාලිංග අවසන් වටයෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.