Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කාන්තාවන්ට 12 - පිරිමින්ට 16
ආසියානු මේසපන්දු ශූරතාවලිය

කාන්තාවන්ට 12 - පිරිමින්ට 16

editorial - 2023 සැප් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද)

දකුණු කොරියාවේ පියොන්චන් නුවර පැවැති 26 වැනි ආසියානු මේසපන්දු ශූරතාවලියේදී රටවල් 16 ක් අතරින් 12 වැනි ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වෙද්දී, පිරිමි කණ්ඩායම රටවල් 20 ක් අතරින් 16 වැනි ස්ථානයට පත් විය.

කාන්තා මූලික වටයේදී සිවුවැනි කාණ්ඩය යටතේ තරග වැදුණ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ, පිලිපීනයට එරෙහිව තරග වට 3-0 ක ජයක් ලැබූ නමුත් උස්බෙකිස්තානය හමුවේ තරග වට 3-0 කින් පරාජයට පත් වූහ. ඒ අනුව තරගාවලියේ 11 වැනි ස්ථානයත් 14 වැනි ස්ථානයත් අතර ස්ථානයක් වෙනුවෙන් තරග වැදීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සිදුවිය.

එහිදී බංග්ලාදේශයට එරෙහිව තරග වට 3-0 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ 11 වැනි සහ 12 වැනි ස්ථාන සඳහා තරග වැදීමට අවස්ථාව උදාකර ගත්හ. කෙසේ වුවත් එම තරගයේදී චීන තායිපේ ක්‍රීඩිකාවන් හමුවේ තරග වට 3-0 ක් ලෙස පරාජයට පත් වීම හේතුවෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට 12 වැනි ස්ථානයෙන් සෑහීමකට පත් වීමට සිදුවිය.

පිරිමි මූලික වටයේදී පළමු කාණ්ඩය යටතේ තරග වැදුණ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ, හොං කොං සහ මොංගෝලියා කණ්ඩායම් හමුවේ තරග වට 3-0 ක් ලෙස පරාජයට පත්වූහ. ඒ අනුව තරගාවලියේ 15 වැනි ස්ථානයත් 18 වැනි ස්ථානයත් අතර ස්ථානයක් වෙනුවෙන් තරග වැදීමට ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමට සිදුවිය.

එහිදී නේපාලයට එරෙහිව තරග වට 3-1 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 15 වැනි සහ 16 වැනි ස්ථාන සඳහා තරග වැදීමට අවස්ථාව උදාකර ගත්හ. කෙසේ වුවත් එම තරගයේදී උස්බෙකිස්තාන ක්‍රීඩකයන් හමුවේ තරග වට 3-0 ක් ලෙස පරාජයට පත් වීම හේතුවෙන් ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම තරගාවලියේ 16 වැනි ස්ථානයට පත්විය.

පිරිමි සහ කාන්තා කේවල ඉසව්වල දෙවැනි වටයට සුදුසුකම් ලැබීමට සමත් වූයේ දිනේෂ් දේෂප්‍රිය සහ බිමන්දි බණ්ඩාර (නිතරග ජයකින්) පමණි. නුවන්ත නිරෝෂන, ප්‍රසාද් ද සිල්වා, සහ විරුණක හෙන්දහේවා පිරිමි කේවල පළමු වටයේදීද, මනීෂා ශලින්දි සහ හංසනී පියුමිලා කාන්තා කේවල පළමු වටයේදීද පරාජයට පත් වූහ.

පිරිමි යුගල ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකා යුගල දෙකම මූලික වටයේදී නිතරග ජය ලබා දෙවැනි වටයට පිවිසි අතර දෙවැනි වටයේදී කටාර් සහ පිලිපීන ක්‍රීඩකයන් පරාජය කරමින් තෙවැනි වටයට පිවිසියේය. එහෙත් තෙවැනි වටයේදී හොං කොං සහ ජපාන ක්‍රීඩකයන් හමුවේ පරාජය වීම හේතුවෙන් ඔවුන්ගේ ගමන නිමා විය.

කාන්තා යුගල ඉසව්ව යටතේ සහභාගි වූ පළමු තරගයේදීම ජපන් ක්‍රීඩිකාවන් හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පරාජයට පත් විය. මිශ්‍ර යුගල ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකා යුගල දෙකෙන් එක් යුගලයක් තෙවැනි වටයට දක්වා පැමිණි අතර සෙසු කණ්ඩායම ක්‍රීඩා කළ පළමු තරගයේදීම මැලේසියානු යුගලයක් හමුවේ පරාජයට පත් විය.

නුවන්ත නිරෝෂන, ප්‍රසාද් ද සිල්වා, දිනේෂ් දේෂප්‍රිය සහ විරුණක හෙන්දහේවා ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම නියෝජනය කළ අතර බිමන්දි බණ්ඩාර, මනීෂා ශලින්දි සහ හංසනී පියුමිලා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඇතුළත් වූහ. කුමුදි ද සිල්වා මහත්මිය කණ්ඩායමේ බාලිකාවන් භාර නිලධාරිණිය සහ කලමණාකාරිණිය ලෙස කටයුතු කළාය.

ආසියානු මේසපන්දු සංගමයේ සංවිධනයෙන් මෙම මස 2 වැනිදා සිට 10 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ආසියානු රටවල් 23 ක් නියෝජනය කරමින් ක්‍රීඩකයන් 105 ක් සහ ක්‍රීඩිකාවන් 93 ක් සහභාගි වූහ.

 


අදහස් (0)

කාන්තාවන්ට 12 - පිරිමින්ට 16

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.