Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කාන්තා මේසපන්දු පිලට ලෝකයේ 59 වැනි තැන

කාන්තා මේසපන්දු පිලට ලෝකයේ 59 වැනි තැන

දිලිනි මල්රුක්ෂි - 2014 මැයි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජපානයේ ටෝකියෝ නුවර පැවැති සෙන්-නෝ 2014 ලෝක ශූරතා කණ්ඩායම් මේසපන්දු තරගාවලියට සහභාගීවූ කාන්තා කණ්ඩායම් 96 ක් අතුරින් එහි 59 වැනි ස්ථානය දිනාගැනීමට ශී‍්‍ර ලංකා කාන්තා මේසපන්දු කණ්ඩායම සමත්විය.

තරගාවලියේ දෙවැනි අදියරේ එක් එක් රට වල ස්ථාන තීරණය කෙරෙන මූලික තරග වටයේදීම ආජන්ටිනාව හමුවේ තරග 3-1 ලෙස පරාජය වීම නිසා ශී‍්‍ර ලංකා කණ්ඩායමට 59 වැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.

ඉෂාරා මදුරංගිගේ නායකත්වයෙන් යුත් ශී‍්‍ර ලංකා කාන්තා මේසපන්දු කණ්ඩායමට එරන්දි වරුසවිතාන, හංසනී පියුමිලා සහ චමත්සරා ප‍්‍රනාන්දු යන කී‍්‍රඩිකාවෝ ඇතුළත් වූහ.

තරගාවලියේ පළමු අදියරේදී තෙවැනි කාණ්ඩයේ ‘කේ’ අනු කාණ්ඩය යටතේ තරගාවලියට එක්ව සිටි ශ‍්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඇල්ජීරියාව සහ ලැට්වියාව හමුවේ ජය වාර්තා කළ ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවෝ එස්ටෝනියාව, ඉරානය සහ ඉක්වදෝරය හමුවේ පරජයට පත්විය.

ජර්මනියේ පැවැති පසුගිය ලෝක ශූරතා මේසපන්දු තරගාවලියේදී තෙවැනි කාණ්ඩයෙන් තරගාවලියට එක්වූ ශී‍්‍ර ලංකා කාන්තා මේසපන්දු කණ්ඩායමට හිමිවූයේ එහි 67 වැනි ස්ථානයයි.

පෙර අර්ධ අවසන් පූර්ව තරගය

අජන්ටිනාව විසින් තරග 3-1 ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය කරන ලදී.

  • ඉෂාරා මදුරංගි විසින් තරග වට 3-0 ක් ලෙස හරීමා මායියා පරාජය කරන ලදි. (11/6, 11/2, 12/10)
  • කොඩිනා ඇනා විසින් තරග වට 3-0 ක් ලෙස එරන්දි වරුසවිතාන පරාජය කරන ලදි. (11/4, 11/6, 11/5)
  • ඉවාසා එගුස්ටිනා විසින් තරග වට 3-0 ක් ලෙස චමත්සරා ප‍්‍රනාන්දු පරාජය කරන ලදි. (11/6, 11/5, 12/10)
  • කොඩිනා ඇනා විසින් තරග වට 3-0 ක් ලෙස ඉෂාරා මදුරංගි පරාජය කරන ලදි. (13/11, 11/5, 11/6)

අදහස් (0)

කාන්තා මේසපන්දු පිලට ලෝකයේ 59 වැනි තැන

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.