Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කාන්තා පිලේ නායිකාව අතපත්තු

කාන්තා පිලේ නායිකාව අතපත්තු

ශනුක අරවින්ද - 2014 අප්‍රේ මස 24 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ නව නායිකාව ලෙස ප‍්‍රවේගකාරි ආරම්භක පිතිකරියක වන චමරි අතපත්තු පත්කර තිබේ. උදේෂිකා ප‍්‍රබෝධනී උප නායිකාව ලෙස පත්වීම් ලබා සිටින්නීය.

ශ්‍රී ලංකා පිලේ හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධන බංග්ලාදේශයේදී පැවැති විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලියෙන් පසුව නායකත්වයෙන් ඉවත්වීම හේතුවෙන් එම තනතුර පුරප්පාඩු විය. චමරි අතපත්තු වසරකට වැඩි කාලයක් ශෂිකලාගේ උප නායිකාව ලෙස කටයුතු කළාය.   

ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන 23 හැවිරිදි චමරි අතපත්තු මේ වන විට එක්දින අන්තර්ජාතික තරග 29 කදී ශතකයක් සහ අර්ධ ශතක 6 ක් සමගින් ලකුණු 816 ක් රැස්කිරීමට සමත්ව සිටින්නීය. අතපත්තු විස්සයි20 අන්තර්ජාතික තරග 35 කදී ලකුණු 447 ක් රැස්කර තිබේ.

එංගලන්තයේදී 2009 වසරේ පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියට පැමිණි චමරි අතපත්තු ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් ඉතිහාසයේ පළමු සහ එකම ශතක ලාභිනිය ද වන්නීය. ඇය 2010 වසරේ පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී අයර්ලන්තයට එරෙහිව ලකුණු 111 ක් රැස්කරමින් එම වාර්තාව පිහිටුවූවාය.

ශ්‍රී ලංකාවේ අන්තර් සමාජ තරගයකදී ලකුණු 200 ක් රැස්කරමින් අතපත්තු ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවක් එක්දින තරගයකදී රැස්කළ වැඩිම ලකුණු වාර්තාවට ද හිමිකම් කියන්නීය.

නායිකාව ලෙස පත්වීම පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමකදී චමරි අතපත්තු පැවසුවේ වයස 23 දී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායිකා බවට පත්වීම ගැන සතුටු වන බවයි.

”මෙය ඉතාමත් භාරධූර වගකීමක්, සියලූ දෙනාගේම සහයෝගය ඇතිව ශ්‍රී ලංකාවට ජයග‍්‍රහණ ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා” යැයි අතපත්තු වැඩි දුරටත් පැවසුවාය.  

වමතින් මඳ වේග පන්දු යවන 28 හැවිරිදි උප නායිකා උදේෂිකා එක්දින අන්තර්ජාතික තරග 28 කදී කඩුලූ 15 ක් ද, විස්සයි2-0 තරග 34 කදී කඩුලූ 26 ක් ද, දවාගෙන තිබේ.   

 


අදහස් (1)

කාන්තා පිලේ නායිකාව අතපත්තු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.