Last Update  :  2025-12-22 21:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කාන්තා පිලේ නව පුහුණුකරු හර්ෂ

කාන්තා පිලේ නව පුහුණුකරු හර්ෂ

සංජය එරමුදුගොඩ - 2018 අගෝ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉදිරි වසර 2 ක කාලය සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස හර්ෂ ද සිල්වා මහතා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ තෙවැනි අදියරේ සුදුසුකම් ලත් පුහුණුකරුවකු වන හර්ෂ ද සිල්වා මහතා, මේ වන විට ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හි වොලීස් දිස්ත්‍රික් ක්‍රිකට් සමාජයේ කාන්තා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.

මින් පෙර 2010 වසරේ සිට 2013 වසර දක්වාද සිල්වා මහතා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කර ඇති අතර ඉන් අනතුරුව ඔහු ඕස්ට්‍රේලියාවේ වයිනම් මැන්ලි දිස්ත්‍රික් ක්‍රිකට් සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීම සඳහා දිවයිනෙන් පිටත්ව ගියේය.

-036

 


අදහස් (0)

කාන්තා පිලේ නව පුහුණුකරු හර්ෂ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.