Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කාන්තා කණ්ඩායමේ පුහුණුකරු හෂාන්

කාන්තා කණ්ඩායමේ පුහුණුකරු හෂාන්

editorial - 2021 ජුනි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ටෙස්ට් නායක හෂාන් තිලකරත්න මහතා පත් කර ඇත. මේ වනවිට 53 හැවිරිදි වියෙහි පසුවන තිලකරත්න මහතා වසර දෙකක කාළයක් සඳහා මෙම තනතුරට පත්කර ඇත.

මින් පෙර ශ්‍රී ලංකා වයස 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසද සේවය කළ ඔහු පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ කාර්ය සාධන ඒකකයට අනුයුක්ත කරනු ලැබීය.

වමත් පිතිකරුවකු, කඩුලු රකින්කු සහ පිට දඟපන්දු යවන්නකු ලෙස කටයුතු කරමින් 1984 සිට 2004 දී විශ්‍රාම යන තෙක් එන්.සී.සී. ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කළ ඔහු පළමු පෙළ ලකුණු 13,000 කට වඩා ලබාගැනීමට සමත් වූ පිතිකරුවෙකි.

ඕස්ට්‍රේලියාවට එරෙහිව හොබාර්ට්හිදී 1989 දී ටෙස්ට් වරම් හිමිකරගත් තිලකරත්න මහතා 2004 වන තෙක් ශ්‍රී ලංකාව නියෝජනය කළේය. ඔහු ටෙස්ට් තරග 83 කදී ලකුණු 4,545 ක් රැස් කර ඇති තිලකරත්න මහතා එක්දින තරග 200 කදී ලකුණු ලකුණු 3,789 ක් රැස් කර ඇත.

 

- 2079


අදහස් (0)

කාන්තා කණ්ඩායමේ පුහුණුකරු හෂාන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.