Last Update  :  2025-12-28 14:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කාන්තා කි‍්‍රකට් පිල හෙට තරග බිමේ

කාන්තා කි‍්‍රකට් පිල හෙට තරග බිමේ

සංජය එරමුදුගොඩ - 2014 සැප් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු කොරියාවේ ‘ඉංචියොන්’ නුවරදී පැවැත්වෙන XVII වැනි ආසියානු ක‍්‍රීඩා උළෙලේ හත්වැනි දිනය වන හෙට (25) ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම බංග්ලාදේශයට එරෙහිව අවසන් පූර්ව තරගයට සහභාගි වෙයි. එම තරගය දකුණු කොරියානු වේලාවෙන් පස්වරු 2.00 ට හෙවත් ශ‍්‍රී ලංකා වේලාවෙන් 10.30 ට ආරම්භ වේ.

ශ‍්‍රී ලංකා පිල අද තරගයෙන් ජය ලැබුව හොත් රන් පදක්කම සදහා වන අවසන් මහ තරගයට ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව උදාවේ.

ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල පසුගිය වසර දක්වාම බංග්ලාදේශය පසුවෙන් පරාජය කළ කණ්ඩායමක් වන අතර මේ වසර මුලදී බංග්ලාදේශයේදී පැවැති කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී බංග්ලාදේශය හමුවේ පරාජයට පත්විය.

බංග්ලාදේශ පිල (107/4) ඊයේ පස්වරුවේ පැවැති සිවුවැනි අර්ධ අවසන් පූර්ව තරගයේදී නේපාලය (26/10) ලකුණු 81 කින් පරාජය කරමින් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීය.

බංග්ලාදේශ පිලේ පුහුණුකරු ලෙස ශ‍්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨතම පුහුණුකරුවකු වන ජේ. සී. ගමගේ මහතා මාස දෙකක පමණ කාලයක සිට කටයුතු කරයි.  

 පාකිස්තානය සහ තායිලන්තය අතර අද (24) පෙරවරුවේ පැවැති තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයෙන් පාකිස්තානය ජය ලබා අවසන් පූර්ව තරගයට පැමිණියේය. පාකිස්තානය සහ චීනය අතර පළමු අවසන් පූර්ව තරගය අද පෙරවරුවේ පැවැත්වේ.

ශ‍්‍රී ලංකා හොකී පිරිමි පිල  ඕමාන් පිලට එරෙහිව අද සිවුවැනි තරගයට සහභාගි වීමට නියමිතය. එම තරගය පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිතය.   

රුවල් ඔරු ක‍්‍රීඩක චමීර ලක්‍ෂාන් ගුණවර්ධන අද දෙවැනි දිනයට තරගයට සහභාගි වීමට නියමිත අතර ඔහු දිනයේ සිවුවැනි තරගයට සහභාගි වෙයි.

 

 

පදක්කම් සටහන (හයවැනි දිනයේ පස්වරු 6.00 වන විට)                       
රට රන් රිදී ලෝකඩ එකතුව
චීනය 50 25 23 98
දකුණු කොරියාව 24 23 23 70
ජපානය 17 22 23 62
කසකස්තානය 4 6 12 22
මොන්ගෝලියාව 4 3 6 13
උතුරු කොරියාව 3 5 7 15
චීන තායිපේ 3 2 6 11
ඉරානය 2 4 2 8
කොං කොං 2 3 11 16
මැලේසියාව 2 3 3 8

අදහස් (0)

කාන්තා කි‍්‍රකට් පිල හෙට තරග බිමේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.