Last Update  :  2025-12-28 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කාන්තා එක්දින ශූරතාව නාවික හමුදාවට

කාන්තා එක්දින ශූරතාව නාවික හමුදාවට

සංජය එරමුදුගොඩ - 2014 අගෝ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මෙහෙයවූ අන්තර් සමාජ පළමු කොටසේ කාන්තා එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට හිටපු ශ‍්‍රී ලංකා නායිකා ශෂිකලා සිරිවර්ධනගේ නායකත්වයෙන් යුත් නාවික හමුදා පිල අද (06) සමත් විය.

කොළඹ කෝ්ල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී අද පැවැති අවසන් මහ තරගයේදී නාවික හමුදා ක‍්‍රීඩිකාවෝ ගුවන් හමුදා පිලට එරෙහිව ලකුණක තියුණු ජයක් ලැබූහ. ජයග‍්‍රහණය සදහා ලකුණු 127 ක ඉලක්කය හඹාගිය ගුවන් හමුදා පිල ලකුණු 125 කට සීමා කිරීමට නාවික හමුදා පන්දු යවන්නියෝ සමත් වූහ.   

 

නාවික හමුදා පිල  ඕවර 49.5 කදී සියලූ දෙනා දැවී 126 (දේදුණු සිල්වා 19, දීපිකා රසාංගිකා 16, සුවිනි ද අල්විස් 24, මධුරි සමුදිකා 22, චමිලා පීරිස් 23/4)

ගුවන් හමුදා පිල  ඕවර 49.2 කදී සියලූ දෙනා දැවී 125 (යශෝධා මෙන්ඩිස් 26,  ඕෂදී රණසිංහ 21, චමනි සෙනෙවිරත්න 24, ශ‍්‍රීපාලි වීරක්කොඩි 15, උදේෂිකා ප‍්‍රබෝදනි 16/2, ශෂිකලා සිරිවර්ධන 25/3, ඉනෝකා රණවීර 17/2)

 

- 048


අදහස් (0)

කාන්තා එක්දින ශූරතාව නාවික හමුදාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.