Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කාන්තා - පිරිමි ශූරතා ද්විත්වයම කොළඹ ඔරු පදින්නන්ට

කාන්තා - පිරිමි ශූරතා ද්විත්වයම කොළඹ ඔරු පදින්නන්ට

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ඔරු පදින්නන්ගේ සංගමය 79 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ ‘මදුරාසි කොළඹ ඔරු පැදීමේ තරගාවලියේ කාන්තා හා පිරිමි ශූරතා ද්විත්වයම දිනා ගැනීමට කොළඹ ඔරු පදින්නන්ගේ සංගමය ඊයේ (21) සමත් විය. මෙම ශූරතාවලිය කොළඹ බේරේ වැව පරිශ්‍රයේදී පැවැත්විණ.

ලකුණු 38-12 කින් මදුරාසි ඔරු පදින්නන්ගේ සංගමය පරාජයට පත්කළ කොළඹ ඔරු පදින්නන්ගේ පිරිමි කණ්ඩායම මෙවර ‘දීපාම් කුසලානය’ දිනා ගත්තේය. මෙවර තරගාවලියේදී මදුරාසි ඔරු පදින්නන්ගේ සංගමයට දිනාගත හැකි වූයේ ‘ඒ’ කාණ්ඩය යටතේ පැවති හබල් 2ක් සහිත එක් අයෙකු පැදයන තරගයත්, හබල් 4ක් සහිත දෙදෙනෙකු පැද යන තරගයත් පමණි.

තරගාවලියේ ප්‍රධාන තරග ඉසව්ව ලෙස සැලකෙන ක්‍රීඩකයන් 4 දෙනෙකු පැදයන තරග ඉසව්වෙන් හොඳම කාලය වාර්තා (විනාඩි 2.52) කරමින් කොළඹ ඔරු පදින්නන්ගේ පිරිමි කණ්ඩායම එම තරග ඉසව්ව ජයගත්තේය.

මෙවර තරගාවලියේදී, කාගේත් අවධානය දිනා ගනිමින් සහභාගි වූ සියලුම තරග ඉසව් ජයග්‍රහණය කරමින් ‘අද්යාර් කුසලානය’ දිනා ගැනීමට කොළඹ කාන්තා ඔරු කණ්ඩායමට හැකියාව ලැබිණ.  ‘ඒ’ කාණ්ඩය යටතේ ක්‍රීඩිකාවන් සිව්දෙනෙකු පැදයන ප්‍රධාන තරග ඉසව්වෙන් හොඳම කාලය වාර්තා කිරීමට (විනාඩි 3.38 ) ඔවුන්ට හැකිවිය.  

ජයග්‍රාහි කණ්ඩායම් සඳහා ත්‍යාග ප්‍රදානය කිරීම සඳහා ක්‍රිඩා අමාත්‍ය ෆයසිර් මුස්තාපර් මහතා සහභාගි වූයේය.


තරග ප්‍රතිඵල

පිරිමි ‘ඒ’ කාණ්ඩයේ තරග ප්‍රතිඵල

■    හබල් 2ක් සහිත එක් අයෙකු පදින ඔරුව - ජේ.ජේ. ෆිලිප් (මදුරාසි කණ්ඩායම) - විනාඩි 3.25
■    සවිකළ හබල් 2ක් සහිත දෙදෙනෙකු පදින ඔරුව - රුවීන් වීරසිංහ සහ ප්‍රවීන් හපුගල්ල (කොළඹ කණ්ඩායම) - විනාඩි 3.19
■    හබල් 4ක් සහිත දෙදෙනෙකු පදින ඔරුව - සිද්ධාර්ත් සුනිල් සහ කීතාන් (මදුරාසි කණ්ඩායම) - විනාඩි 3.08
■    හතර දෙනෙකු පැදයන ඔරුව - රුවීන් වීරසිංහ,සුහිත් ඇලෙක්සැන්ඩර්, සුරඹ සේරසිංහ සහ ප්‍රවීන් හපුගල (කොළඹ කණ්ඩායම) - විනාඩි 2.52

 

පිරිමි ‘බී’ කාණ්ඩයේ තරග ප්‍රතිඵල

■    හබල් 2ක් සහිත එක් අයෙකු පදින ඔරුව - සුහිත් ඇලෙක්සැන්ඩර් (කොළඹ කණ්ඩායම) - විනාඩි 3.32
■    සවිකළ හබල් 2ක් සහිත දෙදෙනෙකු පදින ඔරුව - අබ්දුල්ලා හසේන් සහ සජාඞ් අජ්මාල් (කොළඹ කණ්ඩායම) - විනාඩි 3.15
■    හබල් 4ක් සහිත දෙදෙනෙකු පදින ඔරුව - ලසරු කුඩලිගම සහ සජින් ද ලිවේරා (කොළඹ කණ්ඩායම) - විනාඩි 3.18
■    හතර දෙනෙකු පැදයන ඔරුව - චරිත් විජේතිලක, ලසිඳු ගමගේ, සජාඞ් අජ්මාල් සහ අබ්දුල්ලා හසන් (කොළඹ කණ්ඩායම) - විනාඩි 3.00

 

කාන්තා අංශයේ තරග ප්‍රතිඵල

■    හබල් 2ක් සහිත එක් අයෙකු පදින ඔරුව - ඉෂාරා අබේ (කොළඹ කණ්ඩායම) - විනාඩි 4.10
■    සවිකළ හබල් 2ක් සහිත දෙදෙනෙකු පදින ඔරුව - කියාරා කමරනායගම් (කොළඹ කණ්ඩායම) - විනාඩි 3.48
■    හබල් 4ක් සහිත දෙදෙනෙකු පදින ඔරුව - ඉෂාරා අබේ සහ නිහාරා වරවිට (කොළඹ කණ්ඩායම) - විනාඩි 3.48
■    හතර දෙනෙකු පැදයන ඔරුව - කියාරා කමරනායගම්, අශ්විනි සුභසිංහ, අනිත්‍රා ප්‍රනාන්දු, ගැබි්‍රල් සේනානායක සහ ජනිදි්‍ර ප්‍රනාන්දු (කොළඹ කණ්ඩායම) - විනාඩි 3.38

 


අදහස් (0)

කාන්තා - පිරිමි ශූරතා ද්විත්වයම කොළඹ ඔරු පදින්නන්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.