Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ජාතික ක්‍රීඩා සභාවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා රග්බි පිලේ හිටපු නායකයෙකු වන ප්‍රියන්ත ඒකනායක මහතා පත් කර තිබේ. ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා විසින් ඊයේ (14) සිට බලපැවැත්වෙන පරිදි පත් කළ ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයන් ගණන 12 දෙනෙකි.
ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊට නිල බලයෙන් පත් වන බැවින් එහි මුළු සාමාජිකයන් ගණන 13 ක් දක්වා ඉහළ යයි.නව නිලධාරීන් සදහා පත්වීමේ ලිපි ඊයේ ක්‍රීඩා අමාත්‍යාංශයේදී ක්‍රීඩා අමාත්‍යවරයා අතින් ප්‍රදානය කෙරුණි.
ඊට පත් කළ නව සාමාජිකයන් අතර හිටපු සුපිපි ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහනාම හා ක්‍රිකට් අතුරු කමිටුවේ හිටපු සභාපතිවරයෙකු වන සිදත් වෙත්තමුණි මහතාද වෙති.
ක්‍රීඩා ඇමැතිවරයාට උපදෙස්දීම හා ජාතික ක්‍රීඩා ප්‍රතිපත්ති සකස් කිරීම ජාතික ක්‍රීඩා සභාවේ ප්‍රධානතම කටයුතු අතර වේ.නව සභාපති ප්‍රියන්ත ඒකනායක මහතා පැසිපන්දු ක්‍රීඩකයෙකු ලෙසත් දක්ෂතා දැක්වූවෙකු වන අතර කලක් ආසියානු රග්බි (පාපන්දු) සංගමයේත් සභාපති ධූරයේ කටයුතු කර ඇත.
ජාතික ක්‍රීඩා සභාවේ මීට පෙර අවසන් වරට කටයුතු කළ නිල මඩුල්ලේ පත්වීම් අහෝසි වන විට එහි සභාපති ධූරය දැරුවේ (2023 - 24) වෛද්‍ය මයියා ගුණසේකර මහතාය.එම පත්වීම් කළේ එවකට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාය. අර්ජුන රණතුංග මහතා එම ධූරය දරා තිබේ.
පසුගිය ජනාධිපතිවරණය පැවැති 2024 සැෆ්තැම්බර් 21 වැනිදා සිට ජාතික ක්‍රීඩා සභාවේ ධූර හිස්ව පැවැතුණි.
ප්‍රියන්ත ඒකනායක (සභාපති),මහාචාර්ය සමන්තා නානායක්කාර, ක්‍රීඩා උපදේශක රුක්මන් වෑකඩපොළ, හිටපු ක්‍රිකට් ක්‍රීඩක සිදත් වෙත්තමුණි, ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ චානක ජයමහ, හිටපු රග්බි ක්‍රීඩක රොහාන් අබේකෝන්, හිටපු බැඩ්මින්ටන් ක්‍රීඩක නිරෝෂන් විජේකෝන්, හිටපු මේසපන්දු පරිපාලන නිලධාරී මුරාද් ඉස්මයිල්, හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහනාම, ක්‍රීඩා අධය්‍යන නිලධාරී සී. රත්නමුදලි, හිටපු මලල ක්‍රීඩිකා ශ්‍රියානි කුලවංශ, සමාගම් සම සභාපති මලික් ජේ.ප්‍රනාන්දු , හිටපු රග්බි ක්‍රීඩක ෂානිත ප්‍රනාන්දු හා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ෂේමාල් ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.