Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රීඩා ඇමතිගෙන් විමර්ෂණ කමිටුවක්

ක්‍රීඩා ඇමතිගෙන් විමර්ෂණ කමිටුවක්

editorial - 2022 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ඕස්ට්‍රේලියාවේදී පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී  ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්, එම තරගාවලිය අතර තුරදී කළ කී දෑ සහ ඒවාට  අදාළ සිදුවීම් සම්බන්ධව සොයා බැලීම සඳහා විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පියවර ගෙන තිබේ. 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 39(3) වගන්තිය ප්‍රකාරව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් මෙම කමිටුව පත්කරනු ලැබ ඇත.

පසුගිය ඔක්තෝබර් 16 වැනිදා සිට නොවැම්බර් 13 වැනිදා දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රියා කලාපයන්  විමර්ශනය කිරීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ සභාපතිත්වයෙන් යුතුව, සාමාජිකයින් පස්දෙනෙකුගෙන් යුත් විමර්ශන කමිටුව පත් කර තිබේ.

මෙම කමිටුවේ සාමාජිකයන් ලෙස හිටපු අමාත්‍යංශ ලේකම් කිංස්ලි ප්‍රනාන්දු මහතා, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ල මහතා, විශ්‍රාමික රියාද් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා, හිටපු ක්‍රිකට් ක්‍රීඩක නලීන්ද අල්විස් මහතා සහ නීතිඥ ශලනි රොශානා ප්‍රනාන්දු මහත්මිය යන අය පත් කර තිබේ.

- 213


අදහස් (1)

ක්‍රීඩා ඇමතිගෙන් විමර්ෂණ කමිටුවක්
  • Kumara Monday, 05 December 2022 01:28 AM

    කණ්ඩායමේ කොල්ලන්ගේ දෙමව්පියන්ගෙන් ඇහුවා නම් අහගන්න පුළුවන් විස්තර ඇතුවම...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.