Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රීඩකයන්ටත් දැඩි නීති රීති

ක්‍රීඩකයන්ටත් දැඩි නීති රීති

editorial - 2021 ජුනි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අබුඩාබිහිදී පැවැත්වෙන පාකිස්තානු සුපර් ලීග් තරගාවලියට එක්වන ක්‍රීඩකයින් සහ නිලධාරීන් සඳහා ඉතා දැඩි කොවිඩ් -19 ආරක්ෂණ ක්‍රමවේදයන් සකස් කර ඇති පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය එය උල්ලංඝණය කළහොත් බරපතල දඩුවම් සහ දඩ මුදල් අය කිරීමට තීරණය කර තිබේ. ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ තරඟාවලිය තවදුරටත් ප්‍රමාද නොවීමට හෝ කල් නොයන පරිදි පාකිස්තානු ක්‍රිකට් මණ්ඩලයේ කළමනාකාරිත්වය මෙම පියවර ගෙන ඇත.

වයිරසයෙන් ඈත්කර තැබීම සඳහා ක්‍රීඩකයින් සහ තරග නිලධාරීන් රට තුළට පැමිණි පසු ජෛව ආරක්ෂිත බුබුලක හුදෙකලා කරනු ඇත.

මුහුණු ආවරණ පැළඳ නොසිටීම කොවිඩ් -19 ආරක්ෂණ නියමයන් බරපතළ උල්ලංඝනය කිරීමක් ලෙස සලකනු ලැබේ. හෝටලයේ නඩත්තු කාර්ය මණ්ඩලයේ කිසිවෙකුටත් ක්‍රීඩකයන්ගේ හෝටල් කාමර තුළට යාමට ඉඩ නොදෙන බවද ලේඛනවල සඳහන් වේ. ඒ අනුව ක්‍රීඩකයන් විසින්ම තම තමන්ගේ කාමර පිරිසිඳුකරගත යුතුය. කොරෝනා වයිරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන හෝ ආසාදනයවී ඇත්දැයි පී.සි.ආර්. පරීක්ෂණ සිදු කළ ඕනෑම පුද්ගලයෙකු හමුවීම බරපතල කොවිඩ් -19 ආරක්ෂණ නියමයන් උල්ලංඝනය කිරීමක් ලෙස සලකනු ලැබේ.

කොරෝනා වයිරස් ආරක්ෂණ නියමයන් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩකයින් වැරදිකරුවන් වුවහොත්, අනතුරු ඇඟවීම්, දඩුවම් සහ තරග ගාස්තු අත්හිටුවීම දක්වා සිදුවිය හැකිය. කිසියම් උල්ලංඝනය කිරීමක් සිදුවුවහොත්, විනය කමිටුවේ අභිමතය පරිදි ක්‍රීඩකයෙකුගේ තරග තහනම තරඟ 1 සිට 5 දක්වා සිදුවිය හැකිය.

පාකිස්තානු සුපර් ලීග් 6 වැනි තරගාවලියේ ඉතිරි තරග මේ සතියේ සිට නැවත ආරම්භ විමට නියමිතව ඇති අතර සියලුම තරග අබුඩාබිහි ෂෙයික් සයීඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ජෛව ආරක්‍ෂිත බුබුල උල්ලංඝනය කිරීම නිසා ක්‍රීඩකයින් සහ සහායක කාර්ය මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනයවීම හේතුවෙන් තරගාවලිය මාර්තු මස 4 වැනිදා අත්හිටවනු ලැබීය.


- 2079

 


අදහස් (0)

ක්‍රීඩකයන්ටත් දැඩි නීති රීති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.