Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රීඩකයන් 5 ම යෝග්‍යතා පරීක්‍ෂණය සමත්

ක්‍රීඩකයන් 5 ම යෝග්‍යතා පරීක්‍ෂණය සමත්

editorial - 2021 ජුනි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සඳහා අද (04 වැනිදා) පෙරවරුවේදී පැවැති ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයට සහභාගි වූ ක්‍රීඩකයන් පස් දෙනාම ඉන් සමත් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. එංගලන්ත සංචාරය සඳහා ශ්‍රී ලංකා සංචිතය තෝරා ගැනීමට පෙර මෙම යෝග්‍යතා පරීක්‍ෂණය පැවැත්විණ.

ධනුෂ්ක ගුණතිලක, ධනංජය ද සිල්වා, ඉෂාන් ජයරත්න, ධනංජය ලක්ෂාන් සහ නුවන් ප්‍රදීප් මෙම යෝග්‍යතා පරීක්‍ෂණයට මුහුණ දුන්හ.

ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයේ සිටියදීත් කිලෝ මීටර 2 ක් දිවයාමේ යෝග්‍යතා පරීක්‍ෂණය පැවැති අතර ධනුෂ්ක ගුණතිලක සහ ධනංජය ද සිල්වා දෙදෙනා එය අසමත් වූ බැවින් ඔවුන් දෙදෙනාට අද දිනයේදීත් ඊට මුහුණ දීමට සිදුවිය.

 


අදහස් (0)

ක්‍රීඩකයන් 5 ම යෝග්‍යතා පරීක්‍ෂණය සමත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.