Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15 කට ශිෂ්‍යත්ව

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15 කට ශිෂ්‍යත්ව

editorial - 2023 නොවැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රිට්ස්බරි අනුග්‍රහයෙන් පැවැති ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියෙන් පසුව තෝරා ගන්නා ලද දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15 දෙනෙකුට ක්‍රීඩා ශිෂ්‍යත්ව පිරිනමන ලදී. ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලිය පසුගියදා සුගතදාස ක්‍රීඩාංගණයේදී සාර්ථක ලෙස නිමාව දකී.

ශ්‍රී ලංකා පාසල් මළල ක්‍රීඩා සංගමය විසින් සංවිධානයකරන ලද මෙම තරගාවලියට වයස අවුරුදු 12 න් පහළ සිට 15 න් පහළ දක්වා කාණ්ඩ යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 2,000 කට අධික පිරිසක් සහභාගී වූහ. සිලෝන් බිස්කට්ස් සමාගම දශකයකට අධික කාලයක් තිස්සේ මෙම තරගාවලියට අනුග්‍රාහකත්වය දක්වයි. 

“සෑම වසරකදීම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ උනන්දුව මෙන්ම දක්ෂතා සපිරි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව ඉහළ යනවා අපට පෙනෙනවා.  ශ්‍රී ලංකා පාසල් මළල ක්‍රීඩා සංගමය මගින් නම්කරන ලද දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකට අත්වැලක් වීමට හැකි වීම පිළිබඳවත් අප බෙහෙවින් සතුටු වනවා” යයි සිලෝන් බිස්කට්ස් සමාගමේ සාමාන්‍යාධිකාරී (අලෙවි) නිලුපුල් ද සිල්වා මහතා පැවසී ය. 

මෙහි මූලික තරග වට බෙලිඅත්ත, මහනුවර, බණ්ඩාරගම සහ යාපනය යන ප්‍රදේශවල පැවැත්වුණු අතර, එම තරගවලට 15,000 කට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පිරිසක් සහභාගී වීම විශේෂත්වයක් විය. 

ක්‍රීඩා තරග සඳහා සාමාන්‍යයෙන් උතුරු හා නැගෙනහිර පළාත්හි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ  සහභාගීත්වය සීමිත තත්ත්වයක් පෙන්නුම් කරනු ලබන නමුත් එම තත්ත්වය වෙනස් කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වය දිරිමත් කිරීමේ අරමුණින්  මෙම තරගාවලියේ මූලික අදියරක් යාපනයේ දොරේඅප්පා ක්‍රීඩාංගණයේ පැවැත්වීමට කටයුතු යොදා තිබිණ. ක්‍රීඩාව සවිබලගැන්වීම මෙන්ම දිවයිනේ සියලුම පළාත්වලට සම අවස්ථා ලබාදීම එහි අරමුණ විය. එහිදී උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරමින් 1,000 කට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් මෙම තරගාවලියට සහභාගි වූහ. 

බාලක කාණ්ඩයේ සමස්ත ජයග්‍රහණය වාර්තාකරන ලද්දේ ලකුණු 44 ක් ලබාගත් කොළඹ රාජකීය විද්‍යාලය විසිනි. ලකුණු 42.5 ක් ලබාගත් මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට එම කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමි විය. බාලිකා කාණ්ඩයේ සමස්ත ශූරතාව ලකුණු 83 ක් ලබාගත් මීගමුව ආවේ මරියා කන්‍යාරාමයට හිමි වූ අතර, ලකුණු 57 ක් ලබාගත් වත්තල ලයිසියම් විද්‍යාලය විසින් එහි දෙවැනි ස්ථානය දිනාගන්නා ලදි. 

වයස අවුරුදු 15 න් පහළ උස පැනීමේ ඉසව්වේදී මීටර් 1.90 දක්ෂතාවක් පෙන්නුම් කළ ශාන්ත තෝමස් මූලික පාසලේ එස්. ප්‍රිබාසිත් තරගාවලියේ විශිෂ්ටතම ක්‍රීඩකයා බවට තේරී පත්විය. දුර පැනීමේ ඉසව්වෙන් මීටර් 5.64  දක්ෂතාවක් පෙන්නුම් කළ වත්තල ලයිසියම් විද්‍යාලයේ පී. ආර්. ඒ. ඩී. නෙත්සරා විශිෂ්ටතම ක්‍රීඩිකාව බවට තේරී පත් වූවා ය. 

 

ක්‍රීඩා ශිෂ්‍යත්ව හිමිකරගත් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ

කේ. එල්. අයෝමාල් අකලංක (අඹගමුව මධ්‍ය මහ විද්‍යාලය). ජී. එල්. අර්ථවිදු (ඩී. එස්. සේනානායක විද්‍යාලය), ආර්. පී. නිලුපුල් පැහැසර (විජිත මධ්‍ය මහ විද්‍යාලය), එම්. කේ. එන්. වික්‍රමසිංහ (වික්‍රමබාහු විද්‍යාලය ගම්පොළ), එස්. හංසිකා මුණසිංහ (අඹගමුව මධ්‍ය මහ විද්‍යාලය), තුෂේන් මහීන්ද්‍රරත්න (මාරිස්ටෙලා විද්‍යාලය), ජී. ඩබ්ලිව්. ජත්‍ය කිරුළු (මහින්ද විද්‍යාලය), ඩී. ප්‍රදීපනී වික්‍රමසිංහ (වික්‍රමබාහු විද්‍යාලය ගම්පොළ), ටී. සන්දිල් (ශාන්ත පීතර විද්‍යාලය, බම්බලපිටිය), කේ. ටී. නුහන්සා (මාතර මධ්‍ය මහ විද්‍යාලය), ඕ. කොඩිකාර (ශාන්ත ලෝරන්ස් විද්‍යාලය), සහ වත්තල ලයිසියම් විද්‍යාලයේ එස්. හංශක, ජේ. විජේතුංග, එස්. කුලරත්න, එස්. සදිත්‍ය.

 
 
සමස්ත ජයග්‍රහණය - කොළඹ රාජකීය විද්‍යාලය
 
 
බාලිකා සමස්ත ශූරතාව - මීගමුව ආවේ මරියා කන්‍යාරාමය

අදහස් (0)

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15 කට ශිෂ්‍යත්ව

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.