Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රිෂාන් - මිලින්ද ඇමරිකාවේදී මේසපන්දුවෙන් පදක්කම් දිනති

ක්‍රිෂාන් - මිලින්ද ඇමරිකාවේදී මේසපන්දුවෙන් පදක්කම් දිනති

editorial - 2024 අප්‍රේ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඇමරිකා එක්සත් ජනපදයේ හුස්ටන් ජාත්‍යන්තර මේසපන්දු විද්‍යායතනය සංවිධානය කළ එස්.ටී.එල්. ස්ප්‍රිං බ්‍රේක් මේසපන්දු ශූරතාවලියේ විවෘත කේවල ඉසව්වේ රන් පදක්කම සහ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ක්‍රිෂාන් වික්‍රමරත්න සහ මිලින්ද ලක්ෂිත සමත් වූහ. එම ඉසව්වේ රිදී පදක්කම හිමිකරගනු ලැබුවේ ඇමරිකාවේ සාරා ජල්ලී විසිනි.

මෙම තරගාවලියේ විවෘත යුගල ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමද ක්‍රිෂාන් සහ මිලින් සමත් වූ අතර එම ඉසව්වේ අවසන් මහ තරගයේදී ඔවුන් දෙදෙනා කියුබාවේ හර්නෑන්ඩස් කාර්ලෝස් සහ චීනයේ කී යිබියොන් හමුවේ පරාජයට පත්වූහ. 

- 036 


අදහස් (0)

ක්‍රිෂාන් - මිලින්ද ඇමරිකාවේදී මේසපන්දුවෙන් පදක්කම් දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.