Last Update  :  2025-09-07 20:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රිෂාන් සංජුලගෙන් ද්විත්ව ශතකයක්

ක්‍රිෂාන් සංජුලගෙන් ද්විත්ව ශතකයක්

සංජය එරමුදුගොඩ - 2016 ඔක් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රිෂාන් සංජුල ද්විත්ව ශතකයෙන් ‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ තරගයකදී කුරුණෑගල මලියදේව විදුහල් පිලට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට කඳාන ද මැසිනොද් විදුහල් පිල අද (7 වැනිදා) සමත්විය. මෙම තරගය කඳාන ද මැසිනොද් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මැසිනොද් විදුහලේ ක්‍රිෂාන් සංජුල පන්දු 249 කදී හතරේ පහර 27 ක් සහ හයේ පහර 8 ක් සමගින් ලකුණු 253 ක් රැස්කරමින් විශිෂ්ට පිතිහරඹයක නිරතවිය.


මලියදේව විදුහල - පළමු ඉනිම - ඕවර 41.3 කදී සියලුදෙනා දැවී ලකුණු 167
(ධනංජය ප්‍රේමරත්න 51, දමිත සිල්වා 27, සුපුන් සුමණරත්න 26, දේශාන් ප්‍රනාන්දු 39/5, රෝෂිත සෙනෙවිරත්න 42/5)

ද මැසිනොද් විදුහල - පළමු ඉනිම - ඕවර 77 කදී සියලුදෙනා දැවී ලකුණු 322
(ක්‍රිශාන් සංජුල 253, දමිත සිල්වා 92/5, දිල්ශාන් කොල්ලුරේ 17/2)

මලියදේව විදුහල - දෙවැනි ඉනිම - ඕවර 70 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 210
(දුලාජ් රණතුංග 47, දිල්ශාන් කොල්ලුරේ 28, පවිත්‍ර ලියනගේ නොදැවී 26, දමිත සිල්වා 24)

 


අදහස් (0)

ක්‍රිෂාන් සංජුලගෙන් ද්විත්ව ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.