Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කළුතර දිස්ත්‍රික් ක්‍රිකට් කමිටුවට ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතිය

කළුතර දිස්ත්‍රික් ක්‍රිකට් කමිටුවට ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතිය

යොහාන් භාසුර - 2020 අගෝ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කළුතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ පාලනය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනය කමිටුවක් පත්කළ කමල් ධර්මසිරි මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවට ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතිය හිමිවී තිබේ.  

කළුතර දිස්ත්‍රික් ක්‍රිකට් සම්බන්ධ සියලුම තීරණ එම කමිටුව විසින් ගනුලැබීමට නියමිතය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය මස 27 වැනිදා කමල් ධර්මසිරි මහතාගේ සභාපතිත්වයෙන් පත්කළ එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස පානදුර ක්‍රීඩා සමාජයේ සභාපති ජයන්ත සිල්වා සහ කළුතර නාගරික ක්‍රීඩා සමාජයේ සභාපති දීපාල් පෙරේරා යන මහත්වරු කටයුතු කරති.

කළුතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ හිටපු සභාපති මනෝජ් සංජය හෙට්ටිගේ මහතාගෙන් මෙම තත්ත්වය පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ මෙම කමිටුව පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තල්ලු කළ හේතූන් පිළිබඳව තමන් කමිටුව දැනුවත් කරන බවයි.

“අපි විධායක කමිටු රැස්වීමක් පවත්වන්න සූදානම් වන විට ත්‍රිපුද්ගල කමිටුවට ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතිය ලැබී තිබුණා. ඒ නිසා අපි එයට බාදා කරන්නේ නෑ. එම කමිටුවට වැඩ කරන්න අවස්ථාව දෙනවා” යැයි හෙට්ටිගේ මහතා වැඩි දුරටත් පැවසීය.

 


අදහස් (0)

කළුතර දිස්ත්‍රික් ක්‍රිකට් කමිටුවට ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතිය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.