Last Update  :  2026-05-02 20:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කොළඹ ශාන්ත ජෝශප් විදුහල ‘ඒ’ තලයේ ශූරතාව දිනාගනී
19න් පහළ ක්‍රිකට්

කොළඹ ශාන්ත ජෝශප් විදුහල ‘ඒ’ තලයේ ශූරතාව දිනාගනී

editorial - 2026 මැයි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 (රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ ‘ඒ’තලයේ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය සමත්විය.

කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී පැවැති අවසන් තරගයේදී පසුගිය වසරේ සම ශූරයන් වූ කොළඹ රාජකීය විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබීමට කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය සමත්විය. තරගාවලියට පාසල් කණ්ඩායම් 18ක් සහභාගි වූ අතර පළමු වටයේදී කාණ්ඩ 2ක් යටතේ තරග පැවැත්විණ.

අවසන් තරගයේදී කාසියේ වාසිය දිනාගත් කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය පළමුව පන්දුවට පහර දුන් අතර  පළමු කඩුලු 3 ලකුණු 11කට බිඳ වැටුණු මොහොතේදී ක්‍රියාත්මක වූ  අංක 4 පිතිකරු සෙනුජ වැකුණගොඩ පන්දු 188කදී හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 123ක් රැස් කළේය. 15 හැවිරිදි චේතින කාවින්ද පන්දු 160කදී හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 78ක් රැස් කළේය. නායක රිෂ්ම අමරසිංහ පන්දු 120කදී හතරේ පහර 9 ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 73ක් රැස් කළේය.

තම ඉනිමට ශක්තියක් සැපයූ දිල්ප මධුරංග (56) සහ නුෂාන් පෙරේරා (54) ද පිත්තෙන් දස්කම් දක්වමින් අර්ධ ශතක රැස් කළහ. හිමරු දේශාන් සහ මහිරු කොඩිතුවක්කු කඩුලු 3ක් බැගින් දවාලූහ.

සෙනුජ වැකුණුගොඩ සහ රිෂ්ම අමරසිංහ තම ඉනිමේ සිව්වැනි කඩුල්ලට ලකුණු 179ක අගනා සම්බන්ධතාවයක් පැවැත්වූහ. චේතින කාවින්ද සහ දිල්ප මධුරංග දෙනො අතර හයවැනි කඩුල්ල වෙනුවෙන් පැවැති සම්බන්ධතාව ලකුණු 110 කි.

කොළඹ රාජකීය විද්‍යාලයට සිය පළමු ඉනිම වෙනුවෙන් රැස්කර ගත හැකිවූයේ ලකුණු 378ක් පමණි. රාජකීය පිල වෙනුවෙන් විමාත් දින්සර ලකුණු 95ක් රැස් කළ අතර රමිරු පෙරේරා ලකුණු 90ක් රැස් කළේය. දුෂේන් උඩවෙල (45), රෙහාන් පීරිස් (43), හිමරු දේශාන් (නොැදැවී 36) සහ හිරුන් ලියනාරච්චි (25) රාජකීය ඉනිම ගොඩනැගීමට දායක වූ නමුත් එය පළමු ඉනිමේ ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවිය.

විමාත් දින්සර (95) සහ රමිරු පෙරේරා (90) තම ඉනිමේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 190ක සම්බන්ධතාවයක් ගොඩනැගු අතර, විග්නේෂ්වරන් ආකාෂ් ලකුණු 136 කට කඩුලු 5ක් දවාලීය. විශ්ව පීරිස් ද ලකුණු 125 කට කඩුලු 3 ක් දවාලීමට සමත්විය.

 

කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය - පළමු ඉනිම  443  යි
(සෙනුජ වැකුණගොඩ 123, චේතින කාවින්ද 78, රිෂ්ම අමරසිංහ 73, දිල්ප මධුරංග 56, නුෂාන් පෙරේරා 54, හිමරු දේශාන් 73/3, මහිරු කොඩිතුවක්කු 106/3)

කොළඹ රාජකීය විද්‍යාලය - පළමු ඉනිම  378  යි
(විමත් දින්සර 95, රමිරු පෙරේරා 90, දුෂේන් උඩවෙල 45, රෙහාන් පීරිස් 43, හිමරු දේශාන් නොදැවී 36, හිරුන් ලියනාරච්චි 25, විග්නේශ්වරන් ආකාෂ් 136/5, විශ්ව පීරිස් 125/3)

 

සෙනුජ වැකුණගොඩ 

 

චේතින කාවින්ද

 

රිෂ්ම අමරසිංහ

 

විග්නේශ්වරන් ආකාෂ්


අදහස් (0)

කොළඹ ශාන්ත ජෝශප් විදුහල ‘ඒ’ තලයේ ශූරතාව දිනාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.